ඇත්තටම මේ වෙන දේවල් මට හිතාගන්න බෑ.... ආදරය කියන දේ විශ්වාස නොකරපු මම දැන් ආදරය කරනවද ... ඒත් මේක හරිද ..... මම දන්නවා ආදරය කියන්නෙ ආදරයට ඒක ඇත්ත .... ඒ උනත් සමාජය මේක පිලිගනීද මගෙ පවුලේ අය .... එයාලා මේ ගැන මොනවා හිතයිද ... මන් ලග මේ කිසිම ප්‍රශ්නෙකට උත්තර නෑ හැබැයි මම දන්න එකම දේ මම එයාට ආදරෙයි .....
අම්මා හදලා දුන්න තේ එකත් අරන් ඇදේ වාඩිවෙලා මම කල්පනා කලේ එයා දවල් කිව්ව දේ ගැන ....
" තරහා ගියාම ඔයා ලස්සනයි "
ඒ වචන තාම මගෙ ඔලුව අස්සෙ දෝංකාර දෙනවා වගේ ... දෙවියනේ එයා මොකක්ද ඒ කිව්වෙ ... මම දැක්කා එයා ඒක මගෙ දිහා බලාගෙනමයි කිව්වේ ... බැරිවෙලාවෙ වත් එයත් මට කැමතිද .... එතකොට ස්නේහා මම යාලුවෙක් විදිහට මේ කරන දේ හරිද ... මම ස්නේහට වැරැද්දක් කරනවද ... අනේ ඒත් මම කියලා මොනවා කරන්නද දෙවියනේ මේ හැගීම මම බලෙන් ඇති කරගත්ත දෙයක් නෙවෙයිනේ .... මට.. මේ හැගීම වෙන කෙනෙක් එක්ක බෙදාගන්න බෑ ... මම වැරදි ඇති ඒත් මම කොහොමද ඒ ඇස් අමතක කරන්නෙ ඒ ඇස් මාව වෂී කරගෙන වගේ .... මම එයාගෙ ඇස් අස්සෙ ගිලිලා වගේ .... මම දන්නේ නෑ ඔයා මට මොනා කලාද කියලා අයියේ .... මම දන්න ආදරේකුත් නෑ හැබැයි ... මට ඔයාව දැනෙනවා .... මේ හැගීම මගෙ පපුවටම දැනෙනවා අයියේ .... ඇත්තටම අපි දෙන්නට ආදරේ කරන්න පුලුවන් වෙයිද ......
" චූටී තේ එක බීලා ඉවර නම් ඇග පත හෝදගෙන එන්න ලමයෝ .... මොනාද කරන්නේ "
" අ.. හරි අම්මා ..... "
අම්මාගෙ කටහඩට මම ගැස්සිලා වගෙ හිටිය සිහින ලෝකෙන් බිමට ආවා....
______________________________________________________
ඉස්කෝලෙ ගේට් එකෙන් ලමයි එකා දෙන්නා ඉස්කෝලෙට එනවා .... මම අපේ බිල්ඩින් එක උඩ ඉදන් මේ හුගක් වෙලා ඉදලා බලන් ඉන්නවා ඒත් මම හොයන ඒ මැජික් ඇස් දෙකේ අයිතිකාරයා තාමත් නෑ .... එයාව නොදැක මට දැන් තප්පරයක්වත් ඉන්න බෑ වගේ ... හිතට හරිම කලබල ගතියක් දැනෙනවා ....
" අයාන් ... කවුරු එනකන්ද බලන් ඉන්නෙ ... "
" මම ... අනේ මන් කවුරු එනකන් බලන් ඉන්නද ස්නේහා ... මම නිකන් මෙතන හිටියේ ... ඉතින් ඉතින් කොහොමද ඔයාගෙ ලව් එකේ තත්වේ ... "
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-