22

64 6 4
                                    

සාලෙ සෝෆා එක උඩට වෙලා හිනා වෙවී කතා කර කර හිටපු අපි කතාව නැවැත්තුවේ මේ හවුස් එක බලාගන්නවයි කිව්ව කෙනා අපිට රෑ කෑම අරන් ආපු නිසා... කෙනා කිව්වට එයා ඇවිත් තිබ්බේ එයාගෙ වයිෆ් එක්කද කොහෙද ....

" බේබිලා හෙට යනවද බේබී..."

" ම්ම් ඔව් ප්‍රමිලා ... හෙට උදේම යනවා... "

" අනේ ඉතිං තව දවසක් දෙකක් ඉදලා යන්න තිබ්බනේ බේබී.. ගොඩ දවසකින්නෙ ආවෙත් ... "

" බෑ ප්‍රමිලා... මට ක්ලාස් වැටිලනෙ නැත්තම් ඉන්න තිබ්බා ... "

ප්‍රමිලා .... අනේ අනේ අපෙ අම්මගෙ වයසෙ විතර ගෑනු කෙනෙක්ට නේද මේකා මේ නම කියලා කතා කරන්නෙ ... දෙන්න හිතයි දත් ටික බඩට යන්න ....

" අයාන්... එන්න ඇවිල්ලා කන්න ... මේ ඉන්නෙ මම ඔයාට උදේ කිව්ව අය තමයි ... මේ ඉන්නෙ ප්‍රමිලා... එතකොට මේ ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් ... මෙයාල තමයි අපි නැති වෙලාවට මේ හවුස් එක බලාගන්නෙ ... "

" ආ... එහෙමද කොහොමද ඇන්ටී... ඇන්ටිගෙ කෑම නම් හරි රසයි නේද බං... "

" අම්මේ ... ඔව් ඇන්ටී මාර රහයි ආ... මන් නම් උදේ දෙපාරක්ම කෑවා... "

මායි මදුශ්කයයි එහෙම කියනකොට ප්‍රමිලා ඇන්ටිගේ මූණ සතුටින් වගේ දිලිසුනා පව් අනේ අහිංසක මිනිස්සු ..

" අනේ ... එහෙමද බේබී ... දැන් එහෙනම් බඩගිනිත් ඇතිනේ එහෙනම් බෙදාගෙන කන්නකෝ ... "

" හරි එහෙනම් ප්‍රමිලා ඔයාලට යන්න පුලුවන් හෙට උදේට කෑම ගේන්න ඕනෙ නෑ අපි උදේම යනවනේ ... "

" හරි බේබි එහෙනම් අපි ගිහින් එන්නම් ... "

" ම්ම් "

ආපෝ ... මේකනම් මහ මොකෙක්ද මන්දා අර මනුස්සයා යන්නම් කිව්වහම හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න කියන්න බැරිද මන් අහන්නෙ ... මොනා නැතත් අපිට ඉන්නකම් කෑම බීම ටික දුන්න මිනිස්සුනේ ....

එයාල යන්න ගියාට පස්සෙ අපි ඔක්කොමල්ලා කන්න ගත්තා .... මදුශ්කයයි ගිහානයයි නම් සේරටම කලින් කන්න ගත්තා ... අනේ මන්දා පුදුම කෑමක් තමයි ඒක ... ඉස්සෙල්ලා එන ගමනුත් එක එක ඒව ගිල ගිල ඇවිත් කොහොම කනවද මන්දා .....

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now