නිල් පාට සුදු පාට වළාකුළු වලින් හැඩවුනු මේ අහස කොච්චර ලස්සනද ..... මගෙන් කවුරුම හරි කෙනෙක් ඇහුවොත් ඔයා වැඩියෙන්ම ආස මොනාටද කියලා .... මම කියන්නෙ මෙන්න මේ නිල් පාට ලස්සන අහස කියලා .... මේ විදිහට අහස දිහා බලන් ඉන්න එකෙන් හිතට මොන තරම් සැහැල්ලුවක්ද දැනෙන්නේ .....
මට තාමත් හිතාගන්න බෑ මම ඉස්සර හිටපු අයාන් මද කියලා .... ඉස්සර හිටපු අයාන්ට ආදරේ කියන්නෙ විහිලුවක් වගේ .... එයා කොහෙත්ම ආදරේ කරන්න කැමති උන කෙනෙක් නෙවෙයි ... ඒත් දැන් තත්වේ සෑහෙන වෙනස් ... දැන් මට ආදරේ නොකර ඉන්නම බෑ ... මම තාමත් දන්නෙ නෑ මම Gay ද කියලා මොකද මට මීට කලින් මෙහම ෆීලින්ග්ස් ඇති වෙලා නෑ ... ඔව් මම පිළිගන්නවා මම ආදරේ කරන්නෙ පිරිමි ළමයෙක්ට කියලා .... ඒත් මගේ මේ ආදරේ ... ලබන්න පුලුවන් එකම එක්කෙනා එයා විතරයි මොකද මට මගේ ආදරේ දෙන්න පුළුවන් එකම කෙනත් එයා විතරයි ... මේක මගේ First love එක ... මම හිතුවෙ නෑ මගෙ ෆර්ස්ට් ලව් එකෙන්ම මගෙ හිත මෙච්චරටම ආදරෙන් පිරෙයි කියලා ... ඒ තියා මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ ආදරේ කරන්න ... ඒකත් නපුරුම නපුරු ලස්සන කොල්ලෙකුට ..... මට දැන් එයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් අවුරුදු 17 ක ලමයෙක් කොහොමද ආදරේ ගැන දන්නෙ කියලා ... මම හිතන විදිහට ආදරේ කරන්න වයස අදාල නෑ .... ඇරත් ආදරේ දැනෙන කොට අපිට ඒක නවත්තන්න බෑනෙ කොහොම උනත් මම අයියට ගොඩක් ආදරෙයි ..... අයියව මට මුණ ගැහිලා මාස අටකටත් වැඩී දැන් ..... ඒත් මට තාමත් එයාගෙ හිතේ තියෙන දේවල් දැන ගන්න බැරිවුණා ... ගිහාන් නම් කියන්නෙ අයියා මට ඉගෙන ගන්න ඕනෙ නිසා ඒ දේවල් නොකියා ඉන්නවා කියලා .... ඒ උනත් මට ආසයි එයා එක්ක ඒ දේවල් කතා කරන්න ... එයා මට ආදරෙයි කියනවා අහන්න .....
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-