21

58 8 4
                                    

" චූටී.... !! මොකක්ද මෙතන වෙන්නෙ ... "

එයාව අත් දෙකෙන්ම තුරුලු කරන් නලලට චුටි චූටි සිපුම් ගොඩක් තිය තිය හිටිය මාව ගැස්සිලා ගියේ අපෙ අයියාගෙ කටහඩින් .... වාහනේ ඉස්සරහා ශීට් එකේ ගුලිවෙලා ඉන්න අපි දෙන්නා දිහා බලාගෙන මෙතන මොකක්ද වෙන්නෙ කියපු අයියා අඩියට දෙකට අපි ලගට ඇවිත් මගෙ අතින් අල්ලලා වාහනෙන් එලියට ඇදලා ගත්තා.... එතනට ආපු මදුශ්කයයි ගිහානයත් බය වෙලා වගේ බලන් හිටියා... මන් දැනගත්තා අයියා මෙහෙම හැසිරෙන බව මොකද එයා.. මාව තාම දකින්නෙ පොඩි එකෙක් විදිහට ඉතින් එයාගෙ පොඩි එකා වෙන පිරිමියෙක්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කම එයා මෙහෙම හැසිරෙන එක සාදාරනයි ඒත්...... මන් එයාට ආදරෙයිනේ .... මෙච්චර දවසක් අයියාගෙන් හන්ගන් හිටිය දේ අද එයාගෙ ඇස් ඉස්සරහම දකින්න තියෙද්දි මට අයියාගෙ මූන දිහාවත් බලන්න බය හිතුනා

" අකේන් අයියේ ... අහන්නකෝ ... අයාන් මේ-

" උබ කටවහපන් සුදූ... මන් උබෙන් ඇහුවද නෑනෙ මන් ඇහුවෙ මුගෙන්... චූටි උබ උත්තර දීපන් .... "

මන් වෙනුවෙන් කතාකරන්න ආපු ගිහානයටත් කවදාවත් නැතුව කෑගැහුව අයියා මගෙ උරහිස් වලින් අල්ලන් උත්තර දීපන් කිය කිය කෑගහනවා... මොනවා කියන්නද... කලින් අඩලා වේලිලා තිබ්බ කදුලු ආපහු අළුත් වෙද්දී මම එයා දිහා බැලුවේ මට වෙන කරන්න කිසිම දෙයක් තිබ්බෙ නැති නිසා...

" අකේන්... අයියේ අයාන්ව අත ඇරපන් ... උබට අහන්න ඕනෙ දෙයක් අහපන් මගෙන් ... "

" හහ් ... උබ කවුද මට මගෙ මල්ලිව අත හරින්න කියන්න ... අනික මට උබෙන් දැනගන්න කිසිම දෙයක් නෑ ... ඒ නිසා පාඩුවේ පැත්තකට වෙලා ඉදපන් ... "

" පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තිබ්බා මේ ඉන්නෙ මගෙ කොල්ලා නෙවෙයි නම්... උබ ඇහුවා නේද මන් කවුද කියලා ... මන් අයාන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් අපි ආදරේ කරනවා මම අයාන්ට ආදරෙයී.... මේ ඉන්නෙ මගෙ පණ!! එයාව අතඇරපන් මන් මේ උබට හොදින් කියන්නෙ"

මාව අල්ලන් හිටපු අයියගෙ අත හිමීට අත හැරිලා යනවත් එක්කම මාව ඇදලා ගත්ත එයා මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා.....

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now