3

137 13 0
                                    

අම්මෝ.... දැනෙන සනීපෙ ගෙදර ආපු ගමන්ම නාලා කාලා ඇදට වැටුනාම තියෙන සනීපේ ..... හුහ්..... කියලා වැඩක් නෑ .. හරිම සනීපයි දැන් ඉතින් හෙට අපිව උදේ ඉදන් මරවයි අප්පා....යන්නත් බෑ වගේ ඒත් නොයත් බෑ අනේ මන්දා මට නම් කැඩෙට් කරලා එපා වෙලා හිතුනොත් මම ඔය මගුලෙන් අයින් වෙනවා අප්පා මොන වදයක්ද මේ....

" චූටී.... චූටි පුතා .... ආ... නිදිද ... මොකද අද තත්වය .... ආ.. චූටී ... "

ආ.... ඔය මගේ අම්මා ... එයා ඔහොම තමයි හැමදාම මම ඉස්කෝලෙ ගිහින් ආවම තත්වය විමසනවා ... මාත් ඉතින් පොඩි කාලෙ ඉදලම අම්මට ඔහොම විස්තරයක් දිග හරිනවා තත්වය ගැන කියලා .... මගෙ හැම දෙයක්ම අම්මා දන්නවා .... මගේ යාලුවන්ගේ ලව් හුට පටත් මම අම්මා එක්ක කියලා තියෙන්නෙ එයාට ඒවා ගානක් නෑ හැබැයි ඉතින් ඒ කියලා මට ලව් කරන්නත් බෑ ... අනේ මට නම් ඕනෙත් නෑ ... හුම්ම්....

" තත්වය කියන්නෙ අනේ .... අපිට හෙට ස්පෝට් මීට් පටන් ගන්නවා ... ම්ම් අද අපිව හාමුදුරුවෝ දණ ගැස්සුවනේ .... අපි මුකුත් කලෙත් නෑ ... තව අර මෝඩ මදුස්කයා පොඩි උන් වගයක්ගෙන් වෙරලු අරන් සල්ලි දීලා නෑ කියන්නකෝ ... ඔය වගේ ඒවා තමා අනේ විශේශ සිදුවීම් නෑ ... "

" අනේ මේ චූටි උබගෙ ඔය ලුණු ගොරකා මදි මාව තම්බන්න උබලා අනිවාරෙන් අදත් කට්ටි පනින්න යන්න ඇති නැත්තම් පිස්සුවටද ඒ මනුස්සයොන්ට නිකන් දඩුවම් කරන්න ... ස්පෝට් මීට් පටන් ගත්තට ඉතින් ඔයා මොකටවත් නෑනේ ... හෙට යනවද ඉස්කෝලෙ ... ඔය මදුශ්ක ලමයා ගැන නම් කතා කරලා වැඩක් නෑ ... ඒ ලමයාගෙ අම්මත් මට කතා කලා ලගදී ... කිසිම වැඩක් කරන්නෙ නෑලු ... "

" ඔව් ඉතින් ඒකනම් ඇත්ත ඒත් ඉතින් ඉස්කෝලේ යන්න ඕනෙ.. වැඩනම් කරන්නෙ නෑ තමා ඕකා ... අම්මෙ මම ටිකක් නිදාගන්නවා නිදිමතයි ..."

හීමීට කතාව මාරු කරන්න ඕනෙ නැත්තම් පීරියඩ් කට් කලා කියලා දේශනා අහන්න වෙයි .. මට දවල්ට නින්ද යන්නෙ නම් නෑ ඒත් අද ටිකක් නිදි මතයි අප්පා...

" හ්ම්ම් ... නිදාගන්න එහෙනම් ... "

_______________________________________________________

" ඒ .... ගල් ඉබ්බෝ ... නැගිටපන් බලපන් වෙලාව කීයද කියලා දැන් හතයි වෙලාව .... ඉස්කෝලෙ යන්නෙ නැද්ද ඈ ... අර උබේ යාලුවත් කෝල් කලා එන්නෙ නැද්ද අහන්න බලපන් ඉතින් වෙලාවට නැගිටින්න බෑනෙ උබටත් .... "

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now