" චූටී... චූටී ...~
" ඕ.... මන් බාත්රූම් එකේ අනේ චුට්ටක් ඉන්න .. "
" අනේ මේ චුට්ට චුට්ට ඉන්න වෙලාවක් නෑ මෙහෙ වර ඉක්මනට පැල වෙලාද ඕකෙ ඇතුලේ.... "
නෑ ඇලවිලා.... ඇයි යකෝ ... මේක මාර මගුලක් උනානේ .. නාගන්න කියලා බාත්රූම් එකට ආවා විතරයි අයියා ගොනා ඇවිල්ලා බාත්රූම් එකේ දොරට ගගහ මැරෙන්න හැදුවා .... මොන වදයක්ද මන්දා .... ඒකට බැනගෙන ගියපු මම ගිහිල්ලා දොර ඇරියා ... මේකා ඉන්නවා ඇද උඩට වෙලා කොට්ටෙකුත් බදාගෙන මොන යකෙක් වැහිලද මන්දා ... නිදහසේ නාගන්නවත් දෙන්නෙ නෑනෙ ....
" මොකද අනේ මැරෙන්න හදන්නෙ නාගන්න හැදුවා විතරයි .... මොකද දැන් මට කතා කලේ ... "
" කතා කලේ දෙයක් කියන්න ... මෙහෙ වරෙන්කෝ "
එහෙම කියපු අයියා මගෙ අතින් ඇදලා අරන් ඇදෙන් වාඩි කරා ... මොනා කියන්න යනවද මන්දා ... කියන දෙයක් එක පාර කියන්නෙත් නෑ ... අහිංසක මට නාගන්නත් නෑ ....
" හ්ම් දැන් ඇයි කියනව~
ඩ්‍රර්ර්ර්ර් .....ඩ්‍රර්ර්ර්ර් ....
" කෝල් එකක් නේ කෝ ෆෝන් එක "
" කොට්ටෙ යට ... "
අයියා කතා කරපු හේතුව අහන්න ගියා විතරයි කොට්ටෙ යට තිබ්බ මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තෙ අපේ කතාවත් මගින් නතර කරලා වෙද්දි .... කෝට්ටෙ යට තිබ්බ ෆෝන් එක අරන් මන් බැලුවෙ කවුද මේ මහ දවල් මට කෝල් කරන්නෙ කියලා ... වෙන කවුද ඉතින් කෝල් කරන්නෙ මගෙ මිස්ටර් හැන්ඩ්සම් කියලා දැනගත්ත ගමන් මට හිනාවක් ගියේ උදේ ඉදන් කතා කරන්නත් බැරි උන නිසා ......
" අම්මෝ .... පැණි හිනාව .... මේ ඕක පස්සෙ ආන්සර් කරපන්කෝ .... දැන් මන් කියන එක අහපන්කෝ ... "
" මො..කක්ද අප්පා.. එයා උදේ ඉදන් ක්ලාස් දැන් කට් කරන්න මට බෑ .... ඔච්චරටම මොනාද කියන්න තියෙන්නෙ ... "
" අනේ උබගෙ කෝල් එක ... මන් මේ කියන්න ආවෙ මොකක්ද දන්නවද ... ? "
" මන් දන්නෙ කොහොමද ඒක දන්නෙ ඔයානෙ ... "
" අන්න රිසාල්ට් දාලා... ඒක කියන්න ආවෙ...කොහෙද ඒක කියන්න දුන්නෙ නෑනෙ .... ඒක අහන්න වෙන්න ඇති උබේ රෝමියෝ කෝල් කරන්නෙ.... "
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-