2

180 9 0
                                    

අනේ .... හරිනෙ අමාරුව ... මූ ගිහිල්ලා නෑනේ පඩිපෙළ නැගගෙන උඩට ආව විතරයි... වස්කෝදයා දණ ගහන්න කිව්වනෙ ශික් ... තව විනාඩි 10 ක් පරක්කු උනානම් බේරගන්න තිබ්බා .... දැන් ඉතින් මොන අට මගලක් කරන්නද .... පෝලිමට දණ ගැහුවා අපි ... බඩගිනී අප්පා... ම්හුක් ... ශික් විතරක් ඔක්කොමල්ල බලනවා ඒ අස්සෙන් අර මොකෙක්ද මංදා එකෙක් අහනවා සැපද කියලා .... වරෙන් පෙන්නන්න උබට ශික් මොන කරුමයක්ද මන්දා ...

" ඒ මල්ලී මොකෝ කට්ටි පැනලද මේ .... අයියෝ ලැජ්ජයි ආ .... අහුවෙන්න කරනවද බං ඕවා ... සික්කේ .... අපි යනවා කන්න උබලට වඩයක්වත් ඕනෙද බඩගිනි එහෙමත් ඇතිනෙ නේ .... වරෙන් මහීශ් යමන් .... "

අපෝ අර මහීශ් අයියලානම් මටනම් ඕකුන් පේන්න බෑ හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩො කියලා වැඩ්ඩො නෙමේ ... නෑ ඕන්නෑ .... නිකන් ලේ පිච්චෙනවා විතරයි ...

" මේ බං අපි යන් බං පංතියට අර වදුරු මොටයියා අපිට මෙහෙම කලා එහෙනම් බඩගිනී බං අයියෝ .... අරූගෙ වඩේ පෙන්නනවා දැන් මම අනේ මේ ගවිත් වරෙන් බං යමන් .... යන්න මට නම් බෑ මෙහෙම ඉන්න අර බලපන්කෝ කෙල්ලොත් බලනවා ... "

මං කියන්න ගිය එකම මදුශ්කයා කිව්වානෙ ... මූට මල පැනලද කොහෙද ඇයි ඉතින් සැදී පැහැදී ආවෙ කන්න බලාගෙන නේ ... ඒ අස්සෙන් මූ කෙල්ලො ගැනත් කියෝනවා ... අනේ මන්ද හැටිද ලෙඩක්ද කියලා මටනම් ඔය කෙල්ලොන්ගෙ මහ ලස්සනක් පේන්නෑ මුන්ටනම් විකාර ....

" ඒ ... ඔව් බං මදුශ්කයෝ ... අර මං ඊයෙ නම්බරේ දීපු නංගිත් බලනවා බං මුන්ටත් මේ වෙලාවෙම මේ පැත්තෙ එන්න ඔනේ නෙ බං ... යෙහාන් , තිමිර මේ උබලා ඔතනින් නැගිටලා උඩට දුවපන්කෝ .. අපි එකා එකා ඊලගට යමු නැත්තම් පුතේ ගෙදර යනකම් කන්න නම් හම්බෙන්නෙ නෑ .... "

මූට නම් ඉතින් කෙල්ලෙක්ට නම්බරයක් දෙන්න තිබ්බොත් ඇති .. ඒ පාර තව නංගි කෙනෙක්ට දීලලු ... එකා එකා උඩට යන්න මූට පිස්සුද ... අම්මටසිරි ... මූගෙ පිටිපස්සෙ වස්කෝදයා ඉන්නවා ... මූට ගානක් නෑ අපෝයි කෑව නේද ටොක්කක් හොදෑඩේ ඕකට ආව මෙතන මනමාලකම් දාන්න ..

" ආ~~ව් .. මොන... මගු... ආ හාමුදුරුවනේ .... දැන්ද වැඩියේ ... අනේ හාමුදුරුවනේ හාමුදුරුවන්ට කියන්න ඊයෙ රෑ ඉදන් අපි වේලෙනවා හාමුදුරුවනේ හරී....ම බඩගිනී අනේ.... මේ ගැත්තන්ට සමාවෙලා යන්න දෙන්න හාමුදුරුවනේ .... පිං අයිති වෙයි ... ඔව්.... "

මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈Where stories live. Discover now