" අයාන්.... ඔච්චර හිතන්න දෙයක් මෙතන වෙලා නෑනෙ ඒක නිසා ඔය දේවල් අමතක කරලා දාන්න හොදද ... "
අයියා එහෙම කියලා මගෙ කොන්ඩේ අස්සෙන් ඇගිලි යවලා අවුල් කරලා දැම්මෙ ලස්සනට හිනා වෙලා ... එයා හිනා වෙද්දි හරිම ලස්සනයි .... මම ඒ වල ගැහෙන කම්මුලට ඇගිල්ලකින් ඇනලා එයාගෙ උරහිසට ඔලුව තියාගත්තෙ ඈතින් පේන මුහුද දිහා බලන ගමන් ....
" හ්ම්ම් .... ඒ උනාට අයියේ එයා දන්නවනෙ අපි ගැන .... එහෙම වෙලත් ඇයි එහෙම අනික ඔයා හොදටම දන්නවා ඒකි ඔයාට කැමතී කියලත් ... "
" හරි ඉතින් ඒ උඩැක්කිය මට කැමතී කියලා මම ඒකිට කැමතිද නෑනේ ... එයාට ඔහොම රගන්න දෙන්න ඔයා ගනන් ගන්නෙ නැතුව ඉන්න ... තේරුනාද ? "
" හ්ම්ම් ඔයා කියන දෙයක් තමයි ... හැබැයි ඒකිගෙ බැල්මක් හරි ඔයාට වැටුනොත් මන් ඕකිගෙ කොන්ඩෙන් ඇදලා අරන් ගහනවා ඕකිගෙ මූණ චොප්ප වෙන්න ඇයි අප්පා.... "
" අම්මෝ මගෙ කොල්ලා හිච්චි මැරයෙක් වෙලානෙ ම්ම් ... කෝ බලන්න මූණ .... "
එහෙම කියලා එයා මගෙ මූන දිහා බලන් හිටියෙ එයාගෙ අර දිලිසෙන ඇස් දෙකෙන් වෙද්දි ඒ බැල්ම දරාගෙන ඉන්න බැරිම තැන මන් එයාගෙ කම්මුලකට කිස් එකක් දුන්නෙ මගෙ දිහා බලන් ඉදපු එයාව ගැස්සිලා යන්න ....
" තව එකක් දෙන්න බැරිද .... ම්ම්ම් "
" බෑ... යනවා යන්න ... මට ලැජ්ජයී... "
" අනේ ..... මගෙ මැණිකට ලැජ්ජ හිතිලද ආ... "
" අනේ අයියේ .... කෝ යන් යන් මන් අම්මලාට කිව්වෙ මදුශ්කයලා එක්ක එලියට යනවා කියලා .... "
එහෙම කියලා නැගිට්ට අපි දෙන්නා ඇදුම් වල තිබ්බ වැලි ගසලා සපත්තුත් දාන් .. අයියාගෙ බයික් එක පැත්තට ඇවිදන් ගියේ ඉක්මනට ගෙදර යන්න ... අම්මලා මදුශ්කගෙන් බැරිවෙලා හරි ඇහුවොත් එහෙම අනික මම ඌට කියලා නෙවෙයිත් එක්ක ආවෙ... හදිසියේම අයියා එක්ක බීච් යන්න ආවේ ... ඊයෙ සිද්දිය නිසා මගෙ හිතට හරි නෑ වගෙ නිසා ....
අයියාගෙ තාත්තා අයියා එක්සෑම් පාස් නිසා එයාට R6 එකක් අරන් දීලා මේකනම් මරු අනේ.... ඒක කලු පාටයි මම ආසම පාටක් තමා කලු කියන්නෙ .... අපි දෙන්නා
බයික් එකේ ඉක්මනටම ගෙදර යන්න ආවේ අම්මලා බලන් ඉන්න නිසත් අයියට අද හවසට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා කිව්ව නිසා ...බයික් එකෙන් ගෙදරටම යන්න බැරි නිසා ගෙවල් වලට ලන් කරලා අයියා බයික් එක නැවැත්තුවා.... මම බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් ගලවලා අයියට දුන්නම එයා ඒකත් අරන් එයාගෙ හෙල්මට් එකත් ගලවලා ඉස්සරහින් තියන් මගෙ අතින් අල්ලගත්තේ ... එයාගෙ හුස්ම මගේ මූනෙ වදින තරම් දුරින් මගෙ මූනට ලංවෙලා.....
" මො...කද ...මේ අයින් වෙන්න කවුරු හරි දකී... "
" ම්ම් ... අද පැනලා ගියාට දවසක් එයිනේ අන්න එදාට තමුසෙව සිහි නැති වෙනකන් ඉබිනවා මන් එතකොට බලාගමුකෝ ... හරිද ... "
මන් හිතන්නෙ මගේ මුලු මූනම රතු උනාද කොහෙද ඉස්සෙල්ල මේකව කිස් කලේ නැති එක ගැනනේ ඔය කියන්නෙ .... මෝඩයා ... ලැජ්ජාවක් නම් ඇත්තෙම නෑ...
අයියාගෙ කොන්ඩේත් අවුල් කරලා දුවලා යන්න හදපු මාව එයා ආපහු ඇදලා අරන් මගෙ නලලට කිස් එකක් දුන්නෙ මගෙ ඇස් පිය වෙලා යන්නම ...." පරිස්සමෙන් යන්න මගෙ බෝලෙ ගේ ලගටම එනවා මන් ඒත් ..... ඔයාට තේරෙනවනෙ ... නේද ... ? "
" හ්ම්ම්ම් .... කමක් නෑ අයියේ මන් නෙවෙයි ඔයා පරිස්සමෙන් යන්න හරිද ... ඉගිල්ලෙන්න හදන්න එපා හොද වැඩක් කරනවා මන් ... "
" අම්මෝ හරි හරි මන් පරිස්සමෙන් යන්නම් කොච්චි කරල මගේ .... දැන් දුවනවා ගෙදර තවත් බලන් ඉන්නවා"
එහෙම කියපු අයියා බයික් එක ස්ටාර්ට් කරන් යනකොට මාත් ඉක්මනට දුවලා ගෙදර යන්න ආවෙ අම්මලා බලන් ඉන්න නිසා .... මන් ගේට් එක ඇරන් මිදුලට එනකොටම වගේ අම්මා ආවෙ ගේට් එකේ සද්දෙ ඇහිලා වෙන්න ඇති
" ආ... ආවද කොහෙද ගියේ ... කෝ මදුශ්කලා ආවෙ නැද්ද ... "
" ආ... මේ නෑ අම්මෙ මන් තනියම ආවෙ උන් ගෙදර ගියා මහන්සී කියලා "
" ආ ... එහෙමද හරි චූටි ගිහින් වොශ් එකක් දාගන්නකො එහෙනම් ... "
" හරි අම්මා "
අම්මටත් එහෙම කියන් කාමරේට ගියපු මන් අයියට මැසේජ් එකක් දාලා ගෙදර ගියාද කියලා අහන්න හදලත් තාම යනවා ඇති කියලා හිතලා ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ .... වොශ් එකක් දාගන්න කියලා ...
_______________________________________________________
𝓐𝓲𝓼𝓱𝓾..❤
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-