" වාහනෙ කෝ පුතා... "" පාකින් එකේදි වාහනෙ බිත්තියෙ වැදුනා අම්මෙ... ඉන්ෂුවරන්ස් එකට දැම්මා... "
" මොන සිහියෙන්ද පුතෙ වැඩ කරන්නෙ... ඔයිට වඩා දෙයක් වුනත් ඔච්චරයි... වාහනේට ගොඩක් ඩැමේජ් ද..."
හීන පිහිතුඩක් අනන්තවතාවක් සීරිලා තිබ්බ මගෙ කැළැල් පිරුනු පපුව උඩින් ඇදිලා ගියා... දැන් ආයමත් එතනින් ලේ උනනවා... පරණ තුවාල සේරමත් ආය පාරන්...
" වාහනේට අවුලක් නැ අම්මෙ... පොඩ්ඩක් සීරිලා විතරයි..."
අම්මා දිහා නොබලම පොතෙ තව පිටුවක් පෙරලන ගමන් මං කියලා දැම්මා...
" වගකීමක් නැ තාමත්... කවදද හැදෙන්නෙ පුතෙ..."
ඔය ටික කියාගෙන ගෙට යන අම්මා දිහා බලන්න ඕනවුනත් මට බයයි මාව දියවෙයි කියලා... තාමත් අම්මගෙන් මං හොයනවා... මං ගැන අවදානෙ... ඔව් මට හැමදාම ඕන වුනෙ අම්මගෙ අවදානෙ... මට නොලැබුනු වටිනම දේ...
කොල්ලෙක් අම්මට කොයිතරම් ආදරේ ද... ඒ තරමට මාත් එයාට ආදරෙයි... එයා මට ආදරේ නෑද... මගෙ හිත හැමදාම අහපු ප්‍රශ්නෙ ඒක... උත්තරයක් ලැබුණෙම නැති...
මං බලාපොරොත්තු වුනෙ වාහනේට මොකද වුනේ අහන්න කලින් පුතාට කරදරයක් නැ නේද කියන ප්‍රශ්නෙ... මට මං ගැනම හිනා ගියා... මොන තරම් ලාමකද දේව්‍ය තමුසෙ...
ඒත් මට අද වැඩිය දුර හිතන්න වුනෙ නැ... ෆෝන් එකෙ ඩිස්ප්ලෙ එකෙ වැටුණෙ unknown number කියලා.. මං දන්නවා මේ කවුද කියලා... මගෙ වීනස්... ආහ්... මගෙ... වීනස්... කවදද ඉදන්ද දේව්‍ය ඌ තමුසෙගෙ වුනෙ... ඊටත් වීනස්...
" හෙලොව්..."
ඒ ගැඹුරු තියුණු කටහඬට මාව ඇඩික්ට් වෙනවනෙ... ඒක ඩ්‍රග් එකක් වගෙ...
" ම්ම්ම්... කවුද මේ... "
" අඳුරන්න බෑ ද... "
මට හිනියන්නත් වගෙ... ඔන්න ඔහේ කොල්ලව ටිකක් අවුස්සමු...
" කටහඬෙන් අදුනගන්න උඹ ජෝතිපාල ද... "
මට ඇහෙනවා දැන් හීනියට වගෙ හිනා සද්දයක්...
කටහඬෙන් මට පුළුවන් ඇත්තටම මිනිස්සු අදුනගන්න... මං කොහොමක් එකේක විදියෙ වොයිසස් වලට හරි ආසයි... ඉතින් මේ වොයිස් එක මට කන් වහගෙනක් අදුනගන්න පුළුවන්