A/Nමං කතාවෙ නම වෙනස් කරනවා ලමයි... VENUS කියලා තව කතාවක් තියනවා... ඉතින් කතා දෙකේම හොඳට මං නම පෝඩ්ඩක් වෙනස් කරනවා මේකෙ.. ඉතින් අලුත් නම...
" VENUS SIGN " ලොකු වෙනසක් නැ... අගට කැල්ලක් දැම්මා විතරයි... මටත් ලෝබයි අයියො එහෙම වෙනස් කරන්න... 😩🩵.
.
පාන්දර හය පහුවෙද්දි මං පැල්මඩුල්ල ස්ටෑන්ඩ් එකෙ... වීනස් පැල්මඩුල්ලට එන්නම් කිව්වනෙ ඒක දෙන්නටම ලේසි කියලා.. දැන් මං විනාඩි පහලවක් වගෙ ඉදන් බලන් ඉන්නවා මගෙ ඩේ ටයිම් තරුව පායනකන්...
ෆෝන් එකට හෝ ගාලා නොටිෆිකේෂන් එනවා... කරදරයක් වුනානෙ අප්පා... මං නිකමට වගෙ ලෑස්ති වුන වෙලෙ ගත්ත මිරර් සෙල්ෆි එක එෆ්බී දැම්මා... ඇයි අපිට තහනම්ද... හරි කෝලන්... ඕවයෙ බැඳිච්ච දුවිලි මකුළුදැල් පිඹලා ගන්න එපැයි දැන්...
ෆෝන් එක සයිලන්ට් කරලා සයිඩ් එකෙ තියන බොක්ස් එකට දාද්දි ෂටර් එකට තට්ටුවක් ආවා...
එයා ඇවිල්ලා... මගෙ හිමකැටෙ ඇවිත්...
" නගින්න හිමසල්... ඩෝ එක අන්ලොක් කරලා තියෙන්නෙ එහාපැත්තෙ... "
එයා එතන බලන් ඉන්න නිසා ෂටර් එක පාත් කරලා මං කිව්වා... ආඩම්බරකාර වීනස්ගෙ කඩවසම්ම හිනාව මූනට අරන් කොල්ලා ෂටර් එකෙන් ඇතුළට එබුනා...
" මේදව් අද අනිත්පැත්තෙ ... මං ඩ්‍රයිව් කරන්නම්... හැමදාම සුක්කානම අතට ගත්තම වෙනසක් නෑනෙ මේදව්... මං ඔයාවත් එක්කන් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නම්... ම්... "
පපුවෙන් පටන් ගත්ත හිරිය ඇඟ පුරාම ගියා කිව්වොත්... ස්පර්ශයක්වත් නැතුව මගෙ හැඟීම් ගස්සන්න එයාට පුළුවන් වුනා කිව්වොත්... කිසිම රාගික වචනයක් නැතුව මාව උණුහුම් කරන්න එයා දැනන් ඉන්නවා කිව්වොත්... පිලගනීද... හහ්... ඔව් කෙල්වින් කෙවින්ට පින් සිද්ද වෙන්න හැඟීම් පොදිය පිටට ගොඩ දාන්නැ...