වැවත් එක්ක හමන් එන හුලඟ සනීපයි... සැර වැඩිත් නැතුව අඩුත් නැතුව වැටෙන ඉර එළිය සනීපයි... වටපිටාවෙන් ඇහෙන හීන් සද්ද බද්ද සේරමත් සනීපයි... මගෙ ඇස් වලට පේන මගෙ ආදරේට රාගයට අරක්ගත්ත දේවතාව වුණ මිහිපිට වීනස්... එයා ඔය සේරමට වඩා සනීපයි... මගෙ ඇස් වලට එයා සිනිඳුයි... සනීපයි...." බලන් හිටියා තව මදි ද මේදව්... ගලවලා දෙන්නද ගෙදර ගිනියන්න... ම්... "
ඔහ්හ්... මාට්ටු... මං මේ පිළිමයක් දිහා බලන් ඉන්නවා වගෙ බලන් ඉදලා තියෙන්නෙ පණ තියන මනුස්සෙක් දිහා කියලා වගක්වත් නැති වුනානෙ... වීනස්... උබ මට හොඳ සිහියත් නැති කලා එහෙනම්...
" වාත්තු කරලා වගෙ... නමටම ගැලපෙනවා හිමසල්... උඹ තනිකරම හිම කැටයක්... හිම බෝලයක්... "
අහා... මොකද්ද ඒ හිනාව... මෙච්චර දවස් කොහෙද ඔය හුරතල් හිනාව හංගං හිටියෙ වීනස්... ඒක අර මගෙ වීනස්ගෙ ආඩම්බර කඩවසම් හිනාව නෙවෙයි... මගෙන් ඇස් හංග හංග ලාවට එබිකම් කරන කිචි කැවෙන හිනාවක්... දැන් උඹට කිචි ද දේව්‍ය... ම්හ්ම්... මට කිචි නේන්නම් හොඳටෝම...
" ඇත්තද මහත්තයො... එතකොට දැන් කියමුකො බලන්න කාගෙ බර්මියුඩා ඇස් දෙකක් අස්සෙද අතරමන් වුනේ කියලා... හිම බෝලයි හිම කැටයි... බර්මියුඩා ඇසුයි... මේදව්ට බැඳෙන්න තැන් ගොඩයි වගෙ... "
මට නෝක්කාඩු කියනවද... අර පන්ඩිත කතන්දර කිය කිය මාවත් වචන අස්සෙ හිර කරන දාර්ශනික හිමසල්ට වඩා මේ හුරතලේට කට හද හද බොරු තරහ පෙන්නන හිමසල්ව මට ඔබාගන්න හිතෙන්නෙ ඇයි කටේ... ඔය බෝල කම්මුලක මගෙ දත්පාර සීල් නොකලොත් මට නින්ද යන එකක් නැ මැනිකේ...
ආහ්... පොඩ්ඩක් ඉන්න... බර්මියුඩා ඇස්... ගොඩ එන්න බැරි ආගාධ... ඇයි මට මේ වචන හුරු...
" ඇයි මතක නෑ ද... ඔව්නෙ ඉතින් හාවා හඳ දකින්න වගෙනෙ එෆ්බී එක අප්ඩේට් කරන්නෙ... "
" ඇස් කියන්නෙම බර්මියුඩාවක්... ගිලුනොත් ගොඩ එන්න බැරි ආගාධයක්... "