දවස් දෙකක් ගෙවුණත් තාම රික්වෙස්ට් එක ඇක්සෙප්ට් වෙලා නෑ... සක්‍යට දැනෙන හැඟීම..!" එක අතකට දකින්න නැතුව ඇති තව... ඒත් තමුසෙ පරිස්සමෙන් ද කියලවත් දැනගන්න විදියක් මට ඕනනෙ මේදව්... "
දැන් මේක පුරුද්දක්... ආමන්ඩ් ඇස් අයිතිකාරයා එක්කලා හිතින් කතා කරන පුරුද්දට සක්‍ය දැන් සෑහෙන ඇබ්බැහි වෙලා...
ස්කෝලෙ ගිහින් ඇවිත් සක්‍ය වොෂ් එකක් එහෙම දාගෙන මේසෙට ආවෙ ලොකර් එක අස්සේ හංගලා යන ඩයරිය එළියට ගන්න ගමන්මයි... පිටුවෙන් පිටුව පිරිලා තියන තමන්ගෙම අකුරු පිරුනු කොළ දිහා බලන් ඉන්න හීන් වුන කඳුළු පාට ඇස් ආදරෙන් පිරිලා...
2016/07/17
මේදව්...
මං දැන් වචන වලට වඩා හිතින් කතා කරන්න අරන්. විශ්වාස කරන්න දවසට ගනන් කරන්නවත් බැරි තරම් වතාවක් මං තමුසෙ එක්ක කතා කරනවා මේදව්. දන්නවද මං ඊයෙ සරසවියෙන් ගත්තා Psychological පොත් වගයක්. පොත් තුනක් තියෙ. මට දැන් ලේසි වෙයි ඔයාව තේරුම් ගන්න. මට ඕනනැ වචනෙකින්වත් ඔයාට අපහසුවක් වෙන විදියට හැසිරෙන්න. ඒකමයි මං ඒ පැත්ත ගැන දැනගන්න හිතුවෙ මේදව්.
ඔයා බෝ කරපු ඇබ්බැහිය මට පිස්සුවක් වෙලා මේදව්. සන්නා මගෙ ජීවිතේ කියවනවා. මං එයාගෙ පොත් හොය හොයා කියවන්නෙ මේදව්. සන්නගෙ පොත් වල තියන කොන්දේසි විරහිත අයිතිවාසිකම් තොර ආදරේ මගෙ හිත නොසෑහෙන රිද්දනවා මේදව්. මාව මට අයිති නැති හීනෙක අතරමන් කරන්න සන්නගෙ රිදෙන වචන වලට පුළුවන්.