12.

217 33 19
                                    



ආදරේ හරි රහයි... මගෙ පපුව අස්සෙ ගුලි ගැහිලා සනීපෙට ඇස් වහන් සද්ද නොකර ඉන්න වීනස් දිහා බලද්දි මට හිතෙන්නෙම මේ හැඟීම අරන් එයා කලින්ම ආවා නම් කියලා... නෑ... එහෙම හිතන්න බැ... ජීවිතේට දේවල් ලැබෙන්නෙ හරිම කාලෙදි... හරිම තැනදි...

" වීනස්... නැගිටින්නකො දැන්... දැන් පැයක විතර ඉදන්නෙ මේ ගුලි ගැහිලා... ම්... "

මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගෙ පර්සනැලිටීස් වෙනස් වෙනවද... ඔව් නේද... අපිට පහසුවක් දැනෙන මිනිස්සු ලඟ අපි හරිම නිදහස්... එතකොට එළියට එන්නෙ අපේ ඇත්තම පැත්ත... ඉතින් අර බහුශ්‍රැත මහදැනමුත්තා නේද මේ මගෙ අස්සෙ හැංගිලා ඉන්නෙ... කෝලන් ගොඩයි අයියො...

" වීනස්... නැගිටින්නෑලුද... මගෙ තරු පැටියට මගෙ පපුව අතාරින්න බෑලුද... "

මගෙ ටීෂර්ට් එක උඩින්ම පපුවට තොල් තද කරලා තප්පර ගානක්ම එහෙමම ඉඹගෙනම ඉඳලා නැගිට්ටා... කඳුළු පාට ඇස් දිලිසෙනවා... ආදරේ වෑස්සෙනවා... සන්තෝසෙ දෝරෙ ගලනවා...

" කල්පයක් බලන් ඉඳපු දෙයක්... හීනෙකින්වත් ලැබෙයි කියලා නොහිතපු දෙයක්... එහෙම දෙයක් ලැබුණම ඒක දරාගන්න මට තේරෙන්නැ මේදව්... සතුටට අඬන්නද උඩ පැන පැන හිනා⁣වෙන්න ද කියලා මං දන්නැ මේදව්... මට ඕන කියලා දැනෙන්නෙ ඔය පපුව අස්සට ඇස් තද කරන් ඉන්න විතරමයි... "

කල්පයක්...! අපි දැන අඳුනගෙනත් මහ කාලයක් නෑ... වීනස්ගෙ සමහර දේවල් ගැඹුරට හිතද්දි ප්‍රශ්නාර්ථ ගොඩක් ඉතුරු වෙන තැන් ගොඩයි... මං වෙනුවෙන් බලන් හිටියා කියන එක හරි... ඒත් ඇයි මේ... අවුරුදු ගානක් බලන් හිටියා වගෙ... නැත්තන් ඒ ආදරේ හැටිද... ආහ්... පැටලනවා...

" මේදව්... හිතෙනවා ඇති මුට පිස්සුද... සතියකට කලින් හම්බුන මනුස්සෙක් ගැන මෙච්චර හිතෙන්න තරම් කියලා... මතකද මේදව්ම දවසක් කිව්වා... ආදරෙන් බැඳෙන්න යන්නෙ තප්පර තුනයි කියලා ඕල්යත් කියලා තියනවයි කියලා... වැඩිය හිතන්න එපා මේදව්... තර්ක ගේන්න එපා හැඟීම් අස්සට... "

හිතන්න ඕන වුනත් මං එතනින් එහාට තව නොහිතා ඉන්න හිතාගත්තා... මේ කොල්ලා මට බොරුවක් කරන්නැ... ඔව් දේවො... මේ කවිකාර හිත උඹට වංචාවක් කරන්නෑමයි...

VENUS SIGN Where stories live. Discover now