ගෙදර ගියෙ පුදුම තෙහෙට්ටු ගතියකින්... දවල්ටත් කන්න වුනෙ නැති නිසා මාව හෙම්බත් වෙලා තිබ්බෙ... හයට විතර ගෙදර යද්දි අම්මා වොෂ්රූම් එකෙ හිටියෙ... එයත් දැන් ටිකකට කලින් වගෙ ඇවිත් තියෙන්නෙ... මං එයා එනකන් කනවා කියලා හිතන් කුස්සියට ගියෙ... පැන්ට්රිය උඩ තිබුණෙ අම්මගෙ ෆෝන් එක...දේව්ය උඹ එදා හිතාගත්තා ආය ඕක බලන්නැ කියලා... යෝහ් ඒත් මට බලන්නම හිතෙනවනෙ...
මං ස්ක්රීන් එක ඔන් කරද්දි මැසේජ් එකක් ඇවිත් තිබුනා එයාට... THUSH කියලා සේව් කරලා තිබුන නම්බර් එකෙන්...
" parissmt awa neda baba ❤️ "
ඔන්න මගෙ පපුවෙ ගැස්ම වැඩි වෙනවා... හුස්ම ටිකක් හිර වෙන්න වගෙ එනවා... ලෝදිය කැටිය උණු වෙලා නහරයක් ගානෙ ගලන්න ගන්නවා... මං පපුව අල්ලන් එහෙම්ම පුටුවෙන් ඉඳගත්තා ළඟ තිබ්බ...
අංකල්... ඔයා මේ නැති කරන්නෙ අප්පච්චියි මමයි ආදරේ කරපු හීනෙ...
ඉතින් පුරුදු විදියට මං මටම කියාගත්තා... නෑ හිතන්නැ... වැඩිය හිතන්නැ... දුර යන්නැ කියලා... බත් කන්න තිබ්බ පිරියත් ගිය එකෙ මං කිරි කෝපි එකක් හදන් මගෙ ආසම තැනට ආවා... වතුසුද්ද ගහ ගාව සිමෙන්ති පඩිය...
අහස... වෝහ්... ලා දම් පාටයි... සෙන්ටිග්රේට්ස්ලගෙ දම් පාට හැන්දෑවේ සින්දුව මතක් වුනේ ඉබේම... වීනස්... ඔව් ඒ එක්කම ඔළුවට ආවෙ එයාව...
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී...හිත හිරිවැටිලා ගියෙ ඒ විෂුවල් එක මට මැවුන නිසා වෙන්න ඇති...
හඳ පේන්න නැති තරු එකක් දෙකක් පායපු අහසක් යට ලා එලියක් මැද්දෙ එයත් එක්ක පාළු පාරක ඇවිදන් යන්න මට ආසයි... කොළ පාට තණ කොල අල්ලපු තැනිතලාවක බිම ඉඳගෙන එයත් එක්ක වීනස් පායලද කියලා බලන්න මට ආසයි... සීතලම සීතල සුළඟක ගෑවි නොගෑවි ළං වෙලා ඉඳගෙන එයා කියන කෝටියක් කතන්දර අහන් ඉන්න මට ආසයි... යන්තම් පායන් එන ඉර එළියට පේන පියවුණු ඇස් දිහා බලන් ඉන්න මට ආසයි... ජීවිතෙ පුරාවටම හැම තප්පරේකම එයා මං ගාවින් ඉන්න තරමට මං ආසයි... ආසයිටත් වඩා මං ලෝබයි...