හැත්තෑවැනි කොටහා

1K 106 33
                                    

" ඈ....... දෙනෝ කුව්වේ මදේ කාසම. ඒ යි පිත්තුද මොලා කලන්තේ ඈ දෙනෝ ඕත..... "

" චූටි බාප්පියෝ...... මෙන්න මිනී මරනවෝ.... "

" මන් පානවා තමුතෙදේ ඔලුව. මදේ කාසම දෙන්ත කුව්වේ.... හබයි ගානවා. කෝද දුවන්තේ ඈ... ඉන්තයි කුව්වේ මන් "


මන් පාත්ති වලට වතුර දදා ඉද්දි දෙනුවන් පැටියගේ ආසම කලිසමක්‌ අරන් ගේ වටේ දුවනවා නුරාදව අවුස්ස අවුස්ස. පැටියා ඉතින් තඩි ගලකුත් තියාගෙන පිස්සු හැදිලා වගේ දෙනුවන්ව පන්නනවා ගේ වටේ. මයෙ කොල්ලා අදත් පාන්දර වැඩට ගියේ බත් වත් කන් නැතුව. ගිහිල්ලා දෙන්න ඕනී බත් මුලක්



" පුතා දෙනුවන් කෙසෙල් කොළයක් කපන් එන්නකෝ. කුස්සියේ පැත්තේ ඇති වීසි කැත්ත "



" මේ කුරුමිණියව ගන්න එහෙනම් "

මන් පැටියගේ කලිසමත් අතට අරන් එයාට පේන්නම වැලේ වනලා නුරාදවත් කරට අරන් ආයේ වතුර දාන්න පටන් ගත්තා.




" පස්සේ අයියත් එක්ක දත් මැදලා මූණ හෝද ගන්න නුරාද...හන්දියට ගිහිල්ලා එන්න යන් "


" ආසකීම් ගන්නත ඈ අලේ.... "

" චූටි අප්පච්චිට බත් එක දෙන්නයි. බඩු ගන්නයි "

තවපු කෙසෙල් කොළේට බත් ටිකක් වැඩි පුර දාලා මලවපු තවුසි කොළ මැල්ලුමයි ඊයේ හවස දෙනුවන් අතේ ඒවාපු මාලු වලින් ඇඹුල්තියල් දාපු මාළු කෑළි තුනකුයි රටකජු බැදුමයි තෙල් දාපු පරිප්පුවයි. පැත්තකින් මයෙ නිලූෂට දැම්මා තව සුද්ද කරාපු රතු ළුණු ගෙඩි දෙකකුත්.






" සිදෙනෝ අයියූ..... අයි ඔත්තල මාව මිලිකන්තේ ඔලාලා අප්පා....."


" දකිද්දී ගිලින්න හිතෙනවා මට "

පැටිය හොදට ලෑස්ති වුණාට පස්සේ මන් එයාගේ ක්‍රීම් පවුඩර් ටිකත් උලලා රා රෝස පාට ඌල් ජේසිය දාලා ඒ පාටටම තියෙන මේස් දෙකකුත් දැම්මා. දැන් ඉන්නවා නිකන් ඇවිදින බෝනික්කෙක් වගේ.




" පුතා මල්ලි එක්ක වාහනේට නගින්න. මන් බත් එක අරන් එන්නම් "

ලාවට අව්වක් වැටෙන නිසා හොදයි සීතළ පොඩ්ඩක් හරි යන්න. ඒවුනාට දවල්ට පිච්චෙන්න තරම් රස්නියි.




අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now