එකොළහට කිට්ටු වෙද්දි අපි හැමෝම නුවරට ආවා..පැය කිහිපයක් ගතවුණ දුර ගමනක් නිසා කට්ටියට හොදටම මහන්සියි..බස් එකෙන් බැහැලා ලගම තිබුණ සයිවර් කඩේකට ගිහින් රෝල්ස් එක්ක ප්ලේන්ටියක් බිව්වා..අම්මෝ ඇගට දැනෙන සනීපෙ එතකොට....ටවුන් එකේ ඉදන් හයර් එකට ටැක්සි එකක් ගත්තා..රුපියල් තුන්සීයක් දුරින් තමා තේජවගෙ ගෙවල් තිබුණේ...අපි එනකම් තේජවගෙ ආච්චි මග බලන් ඉන්නවද කොහෙද...ආච්චිව දැක්කා විතරයි අපිවත් දාලා තේජ්ව ආච්චි ගාවට දුවගෙන ගියා..කාලෙකට පස්සෙනෙ ඉතින් ඒ දෙන්නත් හම්බෙන්නෙ...
"ආච්චම්මේ"
"අනෙ කොලුවො ඇදිලා ඇදිලා ගිහින් වගේනේ පුතේ...මන් ඒත් බැලුවා කවුද මේ රැළක්ම මේ පැත්තට ඇදෙන්නෙ කියලා...එන්න එන්න ළමයිනෙ ගෙට..."
තේජවගෙ ආච්චිට තේජවව හැමදාම ඇදිච්ච එකාය...මන් තේජව එක්ක මෙහෙ ආ ගිය හැම සැරේකම තේජවව ආච්චි පිළිගත්තේ ඇදිලා ගිහින් කියලා...ඒකෙන් ගමේ ඉන්න දවස් ටිකේ බබෙක් හම්බෙන්න ඉන්න අම්මෙක්ගෙ බඩ වගේ අපේ බඩවලුත් එනකම් කන්න පුළුවබ්බ්න් වුණා හොදට...
"ඉතින් ඉතින් කොහොමද පුතේ...මේ පාර ගම අමතක කරා කියලා මන් හිතුවේ"
"පිස්සු හැදෙයි සඳ බබළයි ආච්චියේ..මේ තේජවයා මෙහෙ අමතක කරලා වෙන කොහෙ හරි බින්න බැස්සත් මගෙ ආච්චියේ මේ රත්තරන් කොලුවා ගිහාන් මෙහෙ අමතක කරන්නේ නෑ"
"ඒක නේන්නම් ගිහාන් පුතා ඉන්න මෙහාට වෙලා..මට පාළුවකුත් නෑ එතකොට"
"හොදට තියෙයි මූව මෙහෙ තියන්..ආච්චම්මට වෙන්නෙ කන්න හද හදා ඉන්නම තමයි"
"ඔහොම කියන්නෙ නෑ පුතා ගෙදරට ආපු කෙනෙක්ට...අනේ මේ කවුද පුතා..අලුත් යාළුවෙක්ද ඔයාලගේ"
දිහේන් දිහා සැරෙන් සැරෙ බලා බලා හිටපු ආච්චම්මා ඇහුවේ දිහේන් මේ වෙනකම් මොකුත් කතා නොකරපු නිසාද කොහෙද...දිහේන් කොහොමත් කා එක්කවත් ඉක්මනට එකතු වෙන්නෙ නෑ...තේජවලගෙ ගෙදරට ආපු වෙලාවෙ ඉදන් මා එක්කවත් තාම වචනයක් කතා කරේ නෑ..එයාට තාම මෙහෙ හුරු නැතුව ඇති...නැත්තම් මේ කෝළමට ලැජ්ජ හිතිලා වෙන්න ඇති...
"ආච්චම්මෙ මේ දිහේන්...සොනක්ෂිගෙ මල්ලි"
"දූට මල්ලියෙක් හිටියේ නෑනේද..."