අසූපස්වැනි කොටහා

1K 93 37
                                    

" කෝ නුරාද...... "


" අහ් ඒකනේ හාමු... කෝ චූටි මැණිකෙ අයියා. දැන් මේ මෙතන හිටියනේ හාමු "



" දෙයියනේ චූටි අප්පච්චි ඔයාට ළමයි දෙන්නව මේ ඩිංගකට බලා ගන්න බැරි වුනාද ආ...... මොන ලෝකෙද හිටියේ  "


















මයෙ හාමු මහත්තයා මටයි එයාටයි හොද ඇදුම් ටිකක් තෝර ගන්න කම් මන් ළමයි දෙන්නා එක්ක ටිකක් එහාට්ට වෙලා හිටියා. මේ හැරිලා මේ බලන ඩිංගට නුරාද නෑ. හිටියෙත් දැන් නිදි කිර කිරනේ. චූටි මැණික ඉන්නවා ටැංකියක පීනන මාළු දිහා බල බල.






" ඉන්න මන් බලලා එන්නම්කෝ හාමු.. ඔයා මෙතැනම ඉන්න පොඩ්ඩක් "

හාමු ආවේස වෙලා වගේ මයෙ දිහා බලන් ඉද්දි මන් වටේටම හෙව්වත් රෝස පාට ජේසියක් දාපු නුරාද නෙවෙයි පේන්නවත් හිටියෙ.








" මල්ලි රෝස පාට ජේසියක් ඇද ගත්ත පොඩි දරුවෙක් දැක්කද "




" නෑ සර් දැක්කේ නෑ... ඉන්න පොඩ්ඩක් සර් මන් තව කොල්ලෝ දෙතුන් දෙනෙක්ට කියලා බලන්නම් "


ඒ කොල්ලා එහෙම කියලා යද්දි මන් කෝකටත් කියලා ගියෙ පල්ලෙහා තට්ටුවට.  දෙයියනේ හොයනවා කියලා කොහේ හොයන්නද. මොකෙක් හරි බල්ලෙක් වත් මගෙ දරුවා උස්සන්වත් ගියාද.  මයෙ ඇග ආයේ කිලි පොලා යද්දි මන් වැඩ කරන අයව හොය හොයා ගිහිල්ලා ඇහැව්වේ දරුවා කොහෙද දැක්කද කින්ද මන්ද කියලා වෙද්දී ඒ එක්කෙනෙක්වත් දැකලා තිබ්බේ නෑ.






" හිටියද දරුවා ආ නිලූෂ හිටියද මයෙ දරුවා..... "



" පොඩ්ඩක් ඉන්න හාමු කෑ ගහන් නැතුව . කැමරා වලින් බලනවා කිව්වා "


මන් ඔලුව අත් දෙකින්ම බදා ගෙන එතනම බිම ඉදගත්තත් හරි මයෙ හාමු චූටි මැණිකෙවත් දීලා  මයෙ අතට යන්න හැදුවත් කෙල්ලෙක් ඇවිල්ලා අපි දෙන්නව එක්කර ගෙන ගියෙ අපිට ටිකක් එහාට්ට වෙන්න තිබ්බ රෙදි රාක්ක ළගට .




.

" සර් සෙල්ලම් බඩු ගොඩ බලන්නකෝ පොඩ්ඩක් "





" මගෙ දෙයියෝ.... නිලූෂ. දෙන්න ඕනී මේකට හොද වයින් පස්ස පුපුරන්න. කොච්චර බය වුනාද දෙයියනේ "




අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now