"සංදේශ් ලියාන් ඉනුත්තර:
නිවාඩු දවස් දෙක ඉවර වෙලා.සදුදාත් ආවා.කොහොම උනත් සෙනසුරාදා උන දේත් එක්ක මම දන්නවා ප්‍රමුත් මට ආදරේ කරනවා කියලා.ඒක එදා එයාට කියා ගන්න බැරි උනාට ඉක්මනට ම කියයි.ඔක්කෝමත් හරි බං .මේ උදේ පාන්දර පුප හෝද ගන්නත් බෑ වතුර සීතලයි.ඒ අස්සේ පින්නත් එක්ක. ප්‍රමුට කන්න මැංගුස් ගෙඩියක් කඩා ගන්න ආවා කූඩැලු පම්කෙක් එල්ලා කකුලේ.
"පුතා තාත්තා එන්නලු, අද මල්ලීලා එන්නෑ දෙන්නටම හොඳට ම උණ."
"එන්නැද්ද කිඹුලු පැටව් දෙන්නා පව්. ඒත් ඉදපන් මුන් දෙන්නා උණ තියාගෙන ද මාව ඊයේ ලෙව කෑවේ.පොඩි පගයෝ. මටත් උණ වගේ .."
"ලොකු එනවා තාත්තා...
මොනා උනත් පොඩි උන් දෙන්නා නැතුව පාලුයි.එත් අනේ මන්ද බං මට දැන් නිකනුත් හිනා යනවා.මට ප්‍රමුව බදින්නත් ඕනේ."මොනාද ලොකු කිව්වේ...බදින්න ඕනේ ද ඊට කලින් මුලින් විභාගේ ලියපන්"
මං හිතින් හිතන ඒවා තාත්තාට ඇහැන්නේ කොහොමද බං.මට පිස්සු ද කොහෙද බං.වෙනදාටත් වඩා මට අද ප්‍රමුව බලන්න ඕනේ..ස්කෝලේ ගේට් එක ලගට ආව ගමන් මං කරේ බෑග් එකත් ඇදගෙන පන්තියට දුවපු එක.ඔක්කොම උන් පන්තියේ.ඒත් ප්‍රමු නෑ.එයාගේ බෑග් එකත් නෑ
"පවනා ප්‍රමු ආවා ද? මට එනවා කිව්වා නේ බං""නෑ බං තාම ආවේ නෑ උබ මාව කපලා ගිහින් ඌට මොනා හරි කරාද සෙනසුරාදා.කොම්ලාට අමාරු ද දන්නෑ..."
"තෝට පිස්සු ද බං එයා එනවා කිව්වා.අනික මං ඉරිදා බෙහෙත් පොවලා කවලා බං ගෙදර ගියේ..."
"හම්මට තෝපි මාව හලලා පැණි හදේ ගියා ද හු##.ඕවා පව් වැඩ යකෝ..
"හරි බං ප්‍රමු එයි නේ...මට බයයි බං
"අන්න සනා උබේ මිනිහා එනවා.
පවනා ඒ කියද්දී පන්තියෙන් එලිය බලද්දී මගේ පණ ඇතුලට එනවා.එත් එයාගේ මුණේ වෙන දා හිනාව නෑ.සමහර විට එයාට අමාරු ඇති.බබා මං ඩියුටි පවනා එක්ක බලන්නම්.ඔයා පන්තියට වෙලා ඉන්න.
"මේ ස්කුල් එක,කෑ ගහන්නැතුව හිමිට කියනවා.මට ඇති අමාරුවක් නෑ සංදේශ්....ඔයාගේ වැඩ ඔයා බලා ගන්න.මට මගේ දේවල් බලා ගන්න පුලුවන්.."