10 කොටස

40 4 3
                                    

"ප්‍රමුත් විශ්වාස් අමෝද්‍ය"
             
              "ඔයා වගේ ම මේ මමත් ඔයාව දැකපු දවසේ ඉදන් ආදරේ  කරනවා මගේ ඉනූ...මගේ පණ ඔයා.ඔයා මට ආදරේ  කරනවාට වඩා මං ඔයාට ආදරේ  කරනවා.එත් මට ජීවත්  වෙන්න පුලුවන්  වෙයි ද කියලාවත් නොදැන මම කොහොම ද දෙවියනේ ඔයාට හීන මාලිගා  හදන්න කියන්නේ.මට මැරෙන්න  කලින් ඔයාගේ වෙලා මැරෙන්න ඕනේ උනේ...."

                           අද ඔයා දැකපු  මං ඔයාට කියපු කිසිම දෙයක් ඇත්ත  නෙවෙයි  මැණික...ඔයාව මගෙන් ඈත් කරන්න හොඳ කෙනෙක් ජීවිතේට ගෙන්න හිතුවට මොකද  මගේ ඉස්සරහා ඔයා අකේන්ව කිස් කරද්දී, මම පණ පිටින් මැරුනා මැණික.

  "දවසක ඔයා දැන ගනියී මම තරම් ඔයාට ආදරේ  කරපු කෙනෙක්  නෑ කියලා..බුදු හාමුදුරුවෝ  කියලා තියනවා වගේ කර්මය බලවත්  තැන අපිට කරන්න පුලුවන්  දෙයක් නෑ මැණික මට අදට වඩා හෙට තව රිදෙයි.එත් ඔයා වෙනුවෙන් මම දරා ගන්නම්."
                
                "මුලින් ම මම ඔයාව දැක්කේ පවන් එක්ක රණ්ඩු වෙද්දී.එදා ඔයා හරි හුරතල්....අද ඊටත් වඩා හුරතල් පොඩි එකෙක් වගේ.මං නිසා කොල්ලෝ එක්ක රණ්ඩු වෙද්දී අනේ මැණික මට උබව තව කෙනෙක්ට දෙන්න  හරි අමාරුයි..

                   "කාත් කවුරුත් නැතුව ඉන්න මේ ගෙදර  මට තියන එකම සැනසිම මේ දින පොත. උබව දැකපු දවසේ ඉදන්  මට දැනුන හැගිම් එකක් නෑර මේ පොතේ ඇති.

" අද"

          "මම හුස්ම  ගද්දී මගේ පණ නැති කර ගත්ත දවස, දවසක මම හුස්ම  අත අරිද්දී මට ඒක අමාරු  නැති වෙයි..."

          "අම්මා තාත්තා ඕන විදිහට සල්ලී එව්වත් මට පවුල උනේ  ඉනූයි පවනූයි.අද මට මගේ පවුල නැති වුනා.."

  සංදේශ් මගේ මැණික මතක ද ඔයා පොඩි කාලේ කියපු යාලුවා නිහස්  ඒ තමයි අකේන්..එයා ආයිත් ඔයා ලගට ම ඇවිත්...පොඩි කාලේ ඔයා ගිරවෙක් වගේ මගේ නිහස් ගගා කියපු කෙනා. එදා මට  එයා  ගැන ඉරිසියා හිතුනට මොකද  අද මට ඕනේ ඔයාව එයාව එයාට දෙන්න. මොකද  මම නැති වුනොත් එදාට එයා ඔයා ලග ඉදීවි..

      "භූගෝලය පොත් මාරු උන වෙලාවේ නිකමට අකේන්ගේ පොත ඇතුලේ තිබුන ෆොටෝ එකේ ඔයයි  තව පොඩි කොල්ලේකුයි කිස් කරනවා දැක්කා.එකේ පිටි පස්සේ නිහස් ආදරේ  ලියාන්ට කියලා ලියලා තිබ්බා.සමහර විට දෙන්නම පොඩි  නිසා අම්මලා කියන්න ලේසි නම් කියලා දෙන්න ඇති.ඉතින් මම තේරුම් ගත්තා ඒ ඉන්නේ ඔයාලා දෙන්නා කියලා.."

          "ඉනූ ඔයා එයාව මතක් කරන තරම් ම එයත් ඔයාව මතක් කරලා...මොකද  මම භූගෝලය පොත දීපු ගමන් එයා කරේ ඒ ෆෝටෝ එක හොයපු එක..."

   "සමහර විට ඔයා ස්කෝලෙ මාරු නොකර හිටිය නම් අද ඔයා මට කරන ආදරේ  එයාට අයිති වෙලා ඇති..

" ඔයා කිව්වා හරි දැනටම මට අඩන්න කදුලු මදි වෙලා."

"ප්‍රමුවා තෝ නිසා මූ හොඳට බිව්වා.උබ මහ සතෙක් යකෝ.මූට උබ කියන්නේ මුලු ලෝකේම ඒක මේ මට තේරෙද්දී උබට නොතේරුණේ කොහොමද ?...ප්‍රමු උබ ඇයි මෙහෙම කරේ මගේ එකා අඩනවා යකෝ..."

          " පවනා whatsapp එකට දාපු මැසේජ් එකත් එක්ක මට ලොකු බයක් දැනුනා...එත් මම ඉවසන්න ඕනේ.නැත්නම් මට වෛර කරන එයා ආයිත් පිස්සෙක් වගේ මට ආදරේ  කරන්න ගනියි."

"මැණික ඔයා අද මං නිසා විදවනවාට වඩා පස්සේ කාලේක විදවයි.එදාට මං දන්නවා  ඔයා ජිවත් වෙන්නෑ කියලා.අද මට රිදුනත් මම මේ දේ කරනවා.මොකද  මට ඕනේ ඔයා ජීවත් වෙන්න."

        "සල්ලි කියන්නේ ජීවිතේ  කියලා හිතුවට මොකද  සල්ලි තිබිලත් මේ වගේ මහ මූසල ජීවිතයක් ගෙවන මිනිස්සුන්ට හිතෙනවා ඇති දුප්පත් වෙලා හරි තමන්ට ආදරේ  කරන අය ලග ඉන්න තිබ්බනම් කියලා මැරෙනකන්."

"මගේ ඉනූ මට සමා වෙයන්,
     හයිය ගහක් නොවී,ඉක්මනට                පරවෙන මලක් උනාට......"


සංසාරේ ම තනිකම තියා....
සදවත අහසින් බැස ගියා....

     "    මාත් ඉක්මනටම ඔයාගේ අහසෙන් බැහැලා  යයි ද සුදු...
මං නැති දවසක ඔයාට මාව මතක් උනොත් අහස දිහා බලන්න...
මං ඔයා දිහා බලා ගෙන ඉන්නම්...
ඔයා ලස්සනට ජීවත් වෙලා වයසට ගිහින් මගේ ලගට එනකන් මං බලා ගෙන ඉන්නම්....."

        

සංදේශ්Where stories live. Discover now