"අකේන් ඉනෝද්ය නිහස් වාසලගේ"
සංදේශ් ඔයා නිසා අවුරුදු ගානකට කලින් මට නැති උන මාව මට ලැබුණා.උබ කියනවා වගේ ඇත්තටම ආදරේ කරන උන් නෙවෙයි විදවන්න ඕනේ.මෙච්චර කල් මම මට ම රිද්ද ගත්තා.ඒත් පොඩි කාලේ ඉදන් උබ පණ දීපු ආදරේ උබව රිද්දද්දීත් උබ දරා ගන්නවා.උබට උන දේ එක්ක බලද්දී මට උන දේ පොඩි දෙයක්.මොකද මම ස්කෝලේට අඩිය තියපු වේලේ ඉදන් දැක්කා ඔය ඇස් ප්රමුට ආදරේ කරපු හැටි.
උබයි පවනයි වගේ උන් යාලුවෝ වෙන්නත් පින තියෙන්න ඕනේ..මම උබට උදව් කරනවා සංදේශ්.මම වගේ උබ විදවන්න හොඳ නෑ.එ නිසා මම උබට කොහොම හරි උදව් කරනවා.
"සිංදුව ලස්සනයි නේ සුදු..."
"ඇත්ත ද...සුදු මහත්තයා
"හ්ම්ම්ම්...බොරුනම් පවනගෙන් අහනවා..."
"අඩෝ සිරාවට එක බොක්ක හරහා ගියේ...."
" හා...හා කෝ.මේ ඉනූ අද අපේ ගෙදර එනව ද අපේ අප්පච්චී මල්ලියි දෙන්නම අදත් යනවා..අපේ ආච්චීලාගේ ගෙදර ..ඔය දෙන්න එන්න ඕනේ නම්..."
"ඇයි මැණික ඊයේ රෑ කරපුවා මදි ද?.අදත් එන්න කියන්නේ...
හ්ම්....අපි ප්රමුව අවුස්සන්න රගපෑවට මොකද ඒ ඇස් රතු වෙනවා දකිද්දී මටත් අවුල් යනවා.එත් ඇස් දැන් රතු නොවී තිබුනට ඊයේ රෑ සංදේශ් හිටපු හැටි මතක් වෙද්දී ප්රමූට වඩා සංදෙශ් අසරණයි කියලා මම දන්නවා..මට ඕනේ සංදේශ්ට මට උන දේ නොවෙන්න උදව් කරන්න.
"ඉනුත්තර මට ඔයා එක්ක කතා කරන්න ඕනේ...
"මොනා ද?.තමුසෙටයි මට කතා කරන්න දෙයක් තියනවා ද ප්රමුත්..තමුසේට කතා කරන්න ඕනේ වේලේට මමත් කතා කරන්න ඕනේ ද..ගිහින් තමුසේගේ අයාන් එක්ක කතා කරනවා."
"මම දන්නවා ඉනූ තමුසේ මේ කරන්නේ බොරු කියලා.එතොකොට තමුන්..අකේන් ඉනෝද්ය නිහස් තමුන් හිතන්නේ මේ තමුසේගේ ලියාන් තමුසෙට ලව් කියලා ද?..ආ"නිහස්"
"ලියාන්"
"ඔව් ඔය ඉන්නේ තමුන් පොඩි කාලේ ඉදලා කියවන යාලූවා නිහස්"