"සංදේශ් ලියාන් ඉනූත්තර"දන්නව ද ප්රමු උබව රිද්දන්න කියලා හිතෙන හැම වේලේම ඊට වඩා මට රිදෙනවා.කොච්චර උබව එපා කිව්වත් මගේ හිත උබව ම ඉල්ලනවා.කවදා වෙනකන් මම මෙහෙම මාව ම රිද්ද ගන්න ද?..උබට මාව එපා නම් උබ ඇයි උබව මට දුන්නේ...මම එදා ඉදන් දැකපු හැම හීනයක් ම උබ දවසකින් නැති කරේ කොහොමද ...
"මචං සනා.දවස් ගානක් උබ ඉන්නේ මේ ලොකේ නෙවෙයි.ස්කෝලේ ආවත් උබට අපිව මතකත් නෑ.බැලුවොත් මුල්ලක් අල්ලගෙන මනෝ ලෝකේ...මහා ලොකුවට අරූව රිද්දනවා කියපු එකාට ඌ ස්කෝලේ ආපූ නැති සතිය ඉන්න බෑ නේ..."
"එහෙම එකක් නෑ බං..මම වෙන දෙයක් හිතුවේ.අනේ පල සනා යන්න..උබ නයි අරිද්දී මම දන්නවා...එත් ප්රමු උබව අත ඇරියේ ඌට එපා නිසා තව මොනා ද යකෝ හිතන්නේ.."
"නෑ.පවනා ප්රමුත් එදා මූන්ගේ ගෙදර ගිය වෙලේ මට කිව්වා මූව හොඳට බලා ගන්න කියලා..ඌ මොනා හරි හන්ගනවා....
"අනේ බං උබ ඉදපන්.උබයි මූයි යාලුවො කියලා දැන ගත්තට පස්සේ මූව අත ඇරියාම මූව බලා ගන්න කියන්න ඇති...ඕකා දවස් ගානක් මටත් ඕක කිව්වා...අර ඌගේ අයානයා එක්ක කාර් එකේ යනවා දැක්කා මම...."
"මොනා ද?.."මොනා නෙවෙයි තො හරි ගොනා...තොට ඕනේ නම් ඌගේ ගෙවල් පැත්තේ ගිහින් බලපන් අරූගේ වාහානේ එහෙම තමයි...
පවනයා ඒ කියපු දේ එක්ක මට ආයිත් ආවේ ලොකු තරහක්..මම හිතුවා උබේ හිතේ මම ගැන පොඩි හරි ආදරයක් ඇති කියලා.එත් උබ මාව පිස්සෙක් කරා බන්.අදින් පස්සේ උබව මම මගේ මතකෙන් ආයින්ම කරනවා ...බලාගෙන ඉදපන් මම හැමදේම අලුතෙන් පටන් ගන්නවා..
"මයේ පුතේ ඔහොම ම අර පැත්ත බලපන්..උබේ ප්රේම වන්තයා ඌගේ අයාන් කොල්ලා එක්කම ස්කුල් ඇවිත් අර බලපන්...මම කිව්වේ බොරු ද කියලා තොම බලපිය..ගස් ලබ්බා...තෝ ඌ නිසා විදෙව්වට ඌ එහෙම නෑ...
"පවනා ඇති බන්.මූ පව් නේ
"අනේ ඉදපන් අකේන් මූ පව් නිසා තමයි මං කිව්වේ..
පවනයා මොනා කිව්වත් මේ දේ දකිනකන් මට එක විශ්වාස කරන්න බැරි උනා.එත් ඇත්ත ඌ ඉන්නේ ඌගේ අයාන් ලග..ඌට මාව ගානක්වත් නෑ.බලද්දී මමයි ඌ වෙනුවෙන් බලන් ඉදලා තියෙන්නේ.උබ කොහොමද මට මෙහෙම කරේ ප්රමුත්..