23 කොටස

32 4 2
                                    


                                පවනා උබයි ප්‍රමුවයි මට මෙහෙම කරේ කොහොමද ...මට කියපන් උබලා මාව දාලා ගියේ කොහොමද ....මට පාලූයි බන්...මටත් උබලා ලගට එන්න ඕනේ...එත් මම  නිසා අකේන්ගේ ජීවිතේ  විනාශ නොවෙන්න ඕන නිසා මම බොරුවට  හිනා වෙනවා.මට මහන්සි  බන්.මේ උනේ මොනවද කියලා හිතලා ම මට මහන්සියි....
                     

      "බබා ඔයා නිදා ගන්න එන්නැද්ද....

       "ඔයා නිදා ගන්න සුදූ....මට පොඩි වැඩ වගයක් තියනවා..මම පස්සේ එන්නම්...

    "ඔයාට study room එකේම නින්ද  යයි ද දන්නෑ.."

        "පිස්සූ ද සූදූ...මම එනවා...යන්න ගිහින් නිදා ගන්න..

              අකේන්ව කාමරේන් යවා ගත්ත මම එත් එක්කම අතට ගත්තේ ප්‍රමූගේ ඩයරි එක..

"ප්‍රමූගේ දින් පොත"

2006.07.20

     මම මේ පොත ලියන්න ගත්තේ මට මූලින් ම ලියුකේමියාව කියලා මම දැන ගත්‍ත දවසේ....මම ජීවත් වෙන්න ගොඩාක් හීන දැක්කා..එත් මට මෙහෙම උනේ මම කලින් ආත්මෙක කරපු පවක් නිසා වෙන්න ඇති...මගේ අම්මා තාත්තට නම් මම හිටියත් නෑ වගේ නිසා එයාලාට මම මැරුණත් කමක් නැති වෙයි...එත් මම කොහොමද  දෙවියනේ  මගේ ඉනූවයි පවනාවයි දාලා යන්නේ..

                 මගේ ඉනූ මම උබට කැමති කියන්න හදපු දවසේ ම මගේ කරුමේ උරුමයක් වේලා මගෙත් එක්ක සෙල්ලම් කරනවා..මම බෙහෙත් ගත්තත් මම බේරෙන  එක ගැන ලොකු  විශ්වාසයක් නෑලූ....මෙහෙම මැරෙන්න  ඉදගෙන මම උබට ආදරෙයි  කියන්නේ කොහොමද  මැණික...මට මැරෙන්න බයයි.ඊට වඩා උබ පණ පිටින් මැරෙනවා බලන්න මම බයයි..

     "දන්නව ද ඉනූ උබේ ඇස් මගේ මූණ බලන හැම වේලේම මට මාවත් අමතක  වෙනවා...මම දන්නවා උබ මට ගොඩාක්  ආදරේ  කරනවා කියලා...

"මම ඉක්මනට  මැරිලා යයි...
  එත් මගේ පණ ගොඩාක්  කල් ජිවත් වෙන්න ඕනේ...
ඒ නිසා මට උබව රිද්දන්න් උනොත් මට සමාව දෙන්න මගේ මැණික...

             උබව මුලින් ම දැකපු දවසේ ඉදන් මම උබට පිස්සුවෙන් ආදරේ  කරනවා.අනේ මට එක උබට කියන්න තිබ්බනම්...

     මට ගොඩාක්  අමාරුයි මැණික...
     දවස ගානේ මම මැරෙනවා ....
   එත් උබ ළග ඉන්න මොහොතක් ගානේ
  මට ඒ වේදනාවල් අමතක උනා....

සංදේශ්Where stories live. Discover now