ජීවිතේ එක් මොහොතක ගීතයක් වගේ. ගීතයක් හැදෙන්නේ මියුරු පදවැලක් එක්ක. මිහිරි තනුවක් එක්ක. අරුමැසි නාදයක් එක්ක.සූරියබණ්ඩාර මහත්මයාගේ නවතම සිනමා පටය එළිදක්වලා තවමත් දවස් දෙකයි. ඒත් ලැබෙන ප්රතිචාරවල නම් අඩුවක් නෑ. මංගල දර්ශනය දවසේ අනිමිසත්, නියෝනුත්, ලිලැකුත් ඒකට සම්බන්ධ වුණා . චිත්රපටයේ සංගීත අධ්යක්ෂණය ලිලැක් ඒඩ්රියන් පෙරේරා විසින්.
මංගල දර්ශනය දවසේ චිත්රපටය බලන්න ආපු ප්රේක්ෂකයන් අනිමිසට සුභ පැතුම් එක් කළා. ගීතය වෙනුවෙන් ක්ෂේත්රයේ ප්රවීණ සංගීතවේදීන්ගෙන් හොඳ ප්රතිචාර ලැබුණා . හීනෙකින්වත් නොහිතපු දේවල් ගොන්නක් ලැබෙද්දී අනිමිස හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්. තාත්තයි , චූටි තාත්තයි දෙන්නත් ඒ මොහොතේ ළඟින් හිටියා නම් කොච්චර දෙයක්ද කියලා අනිමිස කල්පනා කලා . කොයි වෙලාවකවත් අනිමිසට චූටි තාත්තිව අමතක කරන්න බෑ. පුංචි කාලේ ඉඳන් කොල්ලව බලා කියා ගත්තු චූටි තාත්තා තරම් මේ ලෝකයේ වටින කිසිම වස්තුවක් අනිමිසට නෑ.
රත්නපුර මහ රෝහලට ගිහින් එන ගමන් අයුර් නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට ගොඩ වෙලා melody චිත්රපටය බැලුවා. චිත්රපටය අතරතුරේදී තමන්ගේ එකම දරුවගේ මියුරු හඬ ඇහෙද්දී අයුර්ගේ ඇස්වලට කඳුළු ආවේ ඉබේටම . අනේ මේ මගේ කොල්ලා කියලා ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න තරම් අයුර්ට හිතුණා . දුරුතු අයියා හිටියනම් කියන දේ අයුර්ට හැමතිස්සෙම හිතෙන්නෙ ඒ හින්දමයි. තමන්ගේ එකම දරුවගේ සුභ මොහොතවල්වල දෙන්නම ඉස්සර එකට හිටියා. ඒත් අද...අද එහෙම නෑ. එයා එයාගේ ගමන තනියම යනවා. ඉස්සර දුරුතු නැතත් අනිමිස ගාවින් අයුර් හිටියා . ඒත් දැන් වෙද්දී අයුර් ඉන්නෙ අනිමිසගෙන් ගොඩක් ඈත. තාත්තා කෙනෙක් හැටියට අයුර්ටත්, පුතෙක් හැටියට අනිමිසටත් දෙන්නට දෙන්නා නැතිකම තදින්ම දැනෙන්න වුණා .
" චූටි තාත්ති..."
" චූටි මැණික..."
" ඔයා film එක බැලුවද? "
" ඔව් පුතේ, මං රත්නපුර hospital එකට ගිහින් එන ගමන් ෆිල්ම් එකත් බලාගෙන ආවේ..."
YOU ARE READING
Melody ✔
Non-FictionNon fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2