" ohh ,ජේසුස්, කොච්චර කාලෙකින්ද? "ඒ ලිලැක්. එයාගේ වචන උච්චාරණයත් ඉංග්‍රීසි හුරුවටමයි. ඒත් ඒ දෙන්නා අතර තිබුණේ වෙනස් කඩවසම් ස්වරූප දෙකක්. දෙදෙනාට ආවේණික ලස්සන දෙකක්. කොයියම්ම වෙලාවකවත් ලිලැක්ට නියෝන් වෙන්නවත්, නියෝන්ට ලිලැක් වෙන්නවත් බැරි විදිහේ හරි අමුතු රූප දෙකක්.
" මෙයාද අර කිව්ව බෝයි? "
" ඔව් ලිලැක්, මේ අනිමිස. මං දන්න uncle කෙනෙක්ගේ පුතෙක්..."
" අහ්...nice to meet you..."
ලිලැක් කිව්වේ අතට අතවත් නොදී. අනිමිසගේ අහිංසක හිතට ඉතින් ඔය වගේ තාඩන පීඩන හොඳට හුරුයි.
" අපි එහෙනම් මෙයාගේ voice එක check කරලා බලමු මුලින්ම..."
ලිලැක් යෝජනා කරලා අනිමිසව එක්කන් ගියේ ස්ටූඩියෝ එකේ recording area එකට. ලොකු කළුවරක් එක්ක යාන්තමට දැල්වෙන කහ බල්බ් එළියක් කොල්ලට ආලෝකය සැපයූවා. ලිලැක් නියෝන් එක්ක එළියට වෙලා බලන් ඉන්නවා. ලිලැක් කොල්ලට අතින් සන් කළේ සින්දුව කියන්න පටන් ගන්න කියලා . කොල්ලගේ හිතේ තිබුණේ ලොකු බයක් වගේම චකිතයක් .
උඳුල සඳ මඬල විලසින
ඉරා වේදනා කළුවර
නිල් දෙනෙතින් හිනා වෙලා
බලන්න තාරා
සංසාරෙම මගේ ළඟින්
හිඳින්න තාරාමේ කර්ණ කටුක පුරවර
දුරු දුර්ග හිමව් වන මැද
සෙවණැල්ල වෙලා මාත් එක්ක
එනවද තාරා
ඔබ එනවද තාරාහුදකලා හඩන හිත ළඟ
මේ නින්ද නේන තුන් යම
සිතිවිල්ලක් වී සුවද දිදී
රැදෙන්න තාරා
මේ උරමඬලේ හිස හොවාන
නිදන්න තාරා...අනිමිස හරි අපූරුවට පද ඇමිණුවා. නියෝන් ඇහිපිල්ලමක්වත් නොගහා හරි ආසාවෙන් ඒ දිහා බලන් හිටියා . අනිමිසගේ හඬ කතා කළේ නියෝන්ගේ හදවතේ සියුම්ම තැන්වලට . ඒත් ලිලැක්ගේ මූණේ නම් කිසිම පැහැදීමක් නැති ගාණයි. ලිලැක් ඒ දිහා බලන් හිටියේ හරියට විකාරයක් දිහා බලන් ඉන්නවා වගේ.
" සෙට් නෑ බං... "
ලිලැක් කිව්වේ මහ අමුතු විදිහට .
YOU ARE READING
Melody ✔
Non-FictionNon fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2