04 වෙනි තනුව

87 9 4
                                    


" ෂහ්... මාර සුවඳක්නේ..."

නියෝන් කෑම මේසයේ පුටුවක් ඇදලා වාඩි වෙන ගමන් කිව්වා.

" ඔයත් වාඩි වෙන්න ..."

නියෝන් කිව්වෙ තාමත් හිටගෙන බලන් ඉන්න අනිමිස දිහා බලාගෙන .

" අයියා කන්න, මං පස්සෙ කන්නම්."

" මෙන්න මෙහෙ එන්න ළමයෝ..."

නියෝන්ගේ බලකිරිල්ලට ඉඳගත්තු අනිමිසටත් නියෝන්ම බත් බෙදලා දුන්නා. කැරට්, ලීක්ස්, බෝංචි දාලා හදපු ෆ්‍රයිඩ් රයිස් එක්ක පරිප්පු කරියයි, අල තෙම්පරාදුවයි, තක්කාලි සලාදෙයි. උණු උණුවෙන්ම වුණත් නියෝන් එක බත් කටක් කාලා අනිමිස දිහා බැලුවා . අනිමිස බලන් හිටියේ නියෝන්ගේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද කියලා හිතාගන්න බැරුව.

" කොහොමද මේ කෑම හදන්න ඉගෙන ගත්තේ? "

නියෝන් ඇහුවේ සැරෙන් වගේ.

" අනේ ඇයි අයියේ? "

අනිමිස ඇහුවේ අහිංසක විදිහට . සිවදාසන් බලන් හිටියෙත් පුදුම වෙලා .

" නෑ, මාරම රසයිනේ..."

නියෝන් හිනා වෙලා කියද්දි අනිමිසගේ වගේම සිවදාසන්ගේ මූණටත් ආවේ හරි ලස්සන හිනාවක් .

" පුංචි මහත්තයගෙ අත් ගුණේ තමයි..."

අනිමිස සිවදාසන් දිහා බැලුවෙ ආයෙමත් පුංචි මහත්තයා කිව්ව හින්දා .

" නෑ මං කිව්වෙ මේ පුතාගේ..."

සිවදාසන් වැරැද්ද නිවැරදි කළා.

" මාමා කෑම කන්නෙ නැද්ද ? "

අනිමිස ඇහුවේ සිවදාසන් හිටගෙන බලන් ඉන්න හින්දා.

" මහත්තයලා කන්නකෝ, මං කිව්වෙ පුතාලා කන්න... මං පස්සෙ කන්නම්."

සිවදාසන් අඩියට දෙකට ආපහු කුස්සියට වැදුණා. අනිමිස කෑම කන්න පටන් ගත්තෙ එවෙලේ.

" ඉක්මනට කෑම කන්න. අපි ඔයාගෙ music coach  ව meet වෙන්න යන්නත් ඕනි. "

නියෝන් කිව්වෙ කෑම කන අතරතුරේදිමයි. අනිමිසට නියෝන් කතා කරද්දි පේන්නෙම හුරතල් පැන්ඩෙක් වගේ. නියෝන් ඉංග්‍රීසි හුරුවට කියවන සමහරක් සිංහල වචන දිහා අනිමිස බලන් හිටියේ හරි සතුටෙන්. අමාරුවෙන් අමාරුවෙන් වගේ සිංහල උච්චාරණය කරද්දී නියෝන් හරි ලස්සනයි . නියෝන් කිව්ව දේට අනිමිස ඔළුව වනලා උත්තර දුන්නෙත් ටික වෙලාවක් ගිහිල්ලා. එච්චර වෙලා අනිමිස අහිංසක හිනාවක් එක්ක බලාගෙන හිටියේ නියෝන්ගේ මූණ දිහා .

Melody ✔Where stories live. Discover now