" අඬන්න ඔට්ටු නෑ, හරිද? "" හ්ම්..."
" promise වෙන්න ඉතින්..."
"Promise..."
" හොඳ ළමයා... දැන් අපි ගිහින් බුදු පිළිමයක් ගම්මු. ඔයාට බුදු පහන තියන්නත් ඕනිනේ, නේද ? "
අනිමිසගේ මූණේ මැවුණේ හරි ලස්සන හිනාවක් . නියෝන් බුදුපිළිම විකුණන්න තියෙන පූජා භාණ්ඩ වෙළඳසලක් ගාවින් වාහනේ නතර කළා .
" යමු...බහින්න "
නියෝන් අනිමිසත් එක්කම වාහනෙන් බැහැලා වෙළඳසල ඇතුළට ගියා. එක එක වර්ණවලින් නිර්මාණය කරපු හරි ලස්සන නේක නේක විධ බුදු පිළිම ගොඩක්. එක එක ප්‍රමාණවලින්. අනිමිසගේ හිතට දැනුනේ පුදුමාකාර සැනසීමක් . පුංචි කාලේ ඉඳන්ම බුදු දහමට ලැදිව කටයුතු කරන්න චූටි තාත්තයි, තාත්තයි දෙන්නම එයාට පුරුදු කරලා තිබුණේ .
" ඔයාට ඕනි විදිහට කැමති එකක් තෝර ගන්න..."
" ඒත්..."
" ඇයි ඒත් ඒත් ගාන්නේ? "
කොල්ලට ඒ ගැන කියන්නත් ලැජ්ජයි වගේ.
" ඇයි ළමයෝ? "
" සල්ලි? "
" මේ..... විකාර නැතුව තෝරගන්න එකක්..."
අනිමිස හා කියන්න වගේ ඔළුව වනලා හැම බුදු පිළිමයක් පාමුලටම ගියා. එය්ජ්න් අනිමිසගේ හිත එක පාරටම ඇදිලා ගියේ අඩි දෙකක් විතර උස කිරි සුදු පාටින් බබළන බුදු පිළිම වහන්සේ කෙනෙකුට. කොල්ල දැක්ක ගමන් ඒ පිළිම වහන්සේ ගාවට ගිහින් බලන් හිටියේ ප්‍රශංසනීය, පිවිතුරු හැඟීමකින්.
නියෝන් කතෝලික වුණත් නියෝන් බෞද්ධ ආගමට ගොඩාක් ගරු කරන, බෞද්ධ දර්ශනය විශ්වාස කරන කොල්ලෙක්. ලිලැක් කඩලා බිඳලා දාපු හිත නියෝන් හරි ලස්සනට පරිස්සම් කරනවා. කොල්ලා සුදු පාට පිළිම වහන්සේ ඉදිරියේ ඉන්න විදිහ නියෝන් බලන් හිටියේ හරි සතුටින් .
" මේකට ආසද? "
නියෝන් අනිමිසගේ ළඟට ගිහින් ඇහුවා. අනිමිස හිස වැනුවේ හිනා වෙලා .
" අපි එහෙනම් මේක ගම්මු."
පූජා භාණ්ඩ වෙළඳසලේ සේවකයෙකුට කතා කරපු නියෝන් බුදු පිළිම වහන්සේ වාහනේ දක්වා බොහොම ගෞරවනීය විදිහට රැගෙන ගියා. අන්‍යාගමිකයෙක් වෙලත් බුදු දහමට නියෝන් ගරු කරන හැටි දැක්කම අනිමිසටත් පුදුමයි.
YOU ARE READING
Melody ✔
Literatura FaktuNon fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2