සමහරක් අහඹු සිදුවීම් සිද්ධ වෙන්නෙම අපේ ජීවිතේට හොඳක් වෙන්නලු. නියෝන්ගේ පපුවට තුරුළු වෙලා මුළු රැයම අනිමිස ගෙව්වේ හිතේ ටිකෙන් ටික ආදරේ උතුරන් යන අතරතුර. හිතේ තිබුණ හැඟීම මෙතුවක් කල් තේරුම් ගන්න බැරි වුණත් දැන් දැන් ඒ හැඟීම ආදරේ බව තේරෙනවා ." අයියේ..."
" මගෙ රත්තරන්..."
"අනේ මාව තනි කරන්න නම් එපා...මං මැරෙයි..."
" කවදාවත්ම නෑ මල්ලි...ඔයා මගේ පණ. සිදංග විනාස කරලා ගියපු ජීවිතේ ලස්සනට පාට කළේ ඔයා අනිමිස. ඉතින් මගෙ ජීවිතේ ඔයා විතරයි ළමයෝ . මට ඔයා නැතුව එක තප්පරයක් ජීවත් වෙන්න බෑ. ප්ලීස් මගෙ ළඟින්ම ඉන්න. මාව දාලා යන්න නම්. මං පිස්සෙක් වෙයි."
නියෝන් තව තවත් අනිමිසව පපුව්ට තුරුළු කරගන්න ගමන් කිව්වා.
ජීවිතේ හැටි එහෙමයි ඉතින්. කවදාවත්ම බලාපොරොත්තු නොවෙන හමුවීම් එක්ක අපේ ජීවිතේ හරි අපූරුවට ගලාගෙන යනවා. කාලය නම් හරි ඉක්මන්. ගෙවෙන තප්පර හරි මුරණ්ඩුයි. එයාලා හැසිරෙන්නෙ එයාලාට ඕනි විදිහට . හරියට මුරණ්ඩු දරු පැටව් වගේ.
මිස්ටර් සූරියබණ්ඩාරගේ අලුත්ම ෆිල්ම් එක වුණ melody චිත්රපටය අති සාර්ථක විදිහට දිවයින පුරා වගේම නවසීලන්තය , ජපානය වගේ රටවල් කිහිපකත් තිරගත වෙමින් තියෙනවා . අලුත් සින්දුව නිසා අනිමිස වීතරාගි සෙනරත් ට ලැබුනේ පුදුමාකාර ජනප්රියත්වයක්.
චිත්රපටය තිරගත වෙන්න අරන් ටික දවසක් යද්දී උදා වුණ එක් දවසක උදේ පාන්දරම අනිමිසගේ දුරකථනය මාද වෙන්න ගත්තේ අලුත්ම අලුත් සුභ ආරංචියක් එක්ක.
" හෙලෝ අනිමිස..."
" සූරියබණ්ඩාර සර්..."
" ඔන්න මං සුභ ආරංචියක් කියන්න කතා කළේ..."
" අනේ ඒ මොකක්ද සර්? "
අනිමිසට හිතාගන්නවත් බෑ සූරියබණ්ඩාර කියන්න යන්නෙ මොකක්ද කියලා.
" ඔන්න japan international film awards එකෙන් ඔයාට special award එකක් දෙන්නයි හදන්නේ melody film එකේ song එක වෙනුවෙන්...jury award එකක්..."
" අනේ සර්...මට..මට හිතාගන්නවත් බෑ..."
" congratulations අනිමිස. I wish you all the best..."
YOU ARE READING
Melody ✔
No FicciónNon fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2