අවසාන තනුව

121 12 7
                                    


The special jury award for best background singing at the Japan International Film Awards goes to the Sri Lankan film melody's background singer Animisa Veetharagi Senarath...

ජපන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායනයට හිමි විශේෂ ජූරි සම්මානය ලැබුණේ අනිමිසට. අනිමිස ජපන් ගියේ තනියම නෙවෙයි . නියෝන් අයියත් එක්ක. ජීවිතේට ගුවනින් ගිහින් නොතිබුණු අනිමිසට ටිකක් විතර බය හිතුණත් නියෝන් අනිමිසව උරහිසට හේත්තු කරගෙන හිටියේ එයා බයවෙලා බව දන්න හින්දාමයි. Film Award එකේ වැඩත් එක්ක අනිමිසටත් , නියෝන්ටත් සතියක විතර කාලයක් ජපන්වල ඉන්න වුණා . එයාලා නැවතිලා හිටියේ හොටෙල් එකක. නියෝන්ට අනිමිසත් එක්ක ටිකක් නිදහසේ ඇවිදින්න ඕනි කරලා තිබුණ නිසා මේක තමයි හොඳම මොහොත .

ටෝකියෝවල ප්‍රසිද්ධ අවන්හලකට පිය නැගපු නියෝනුත් , අනිමිසත් හැඩ ගන්වන ලද කෝපි කෝප්පයක රස බලන්න වුණා . ජීවිතේ රස විඳපු රසවත්ම කෝපි කෝප්පය ඒක කියලයි අනිමිසට හිතුණේ. ඔව්, ඒක ඇත්ත. ඒ කෝපි හරි රසයි.

"මේ තමයි මං මගේ ජීවිතේ බීපු රසම කෝපි එක..."

" ඇත්තෙන්ම..."

" හ්ම්...අයියා මෙහේ ඇවිල්ලා තියෙනවද කලින්..."

" හ්ම්...එක පාරක් මමීලා එක්ක ආවා ට්‍රැවල් කරන්න "

" අනේ ශෝක්නේ..."

" අනිමිස..."

නියෝන් කතා කළේ අනිමිසගේ ඇස් දිහා බලාගෙන .

" ඇයි අයියේ? "

" ඇස් වහගන්නකෝ..."

" ඒ මොකටද ? "

" වහගන්නකෝ..."

අනිමිසට මොකුත්ම හිතාගන්න බෑ. ඒත් නියෝන් අයියගේ පෙරැත්ත කිරීම හින්දම අනිමිස ඇස් පියා ගත්තා.

" දැන් ඇස් අරින්න..."

මිනිත්තුවක් යන්නත් ඉස්සර නියෝන් අයියා කියද්දි අනිමිස ඇස් විවර කරලා බැලුවා. හිතාගන්නවත් බෑ. සුදු පාට පුංචි දියමන්තියක් ඔබ්බවපු රන් මුදුවක් අතේ තියාගෙන නියෝන් අයියා අනිමිස ඉස්සරහා දණ ගහගෙන ඉන්නවා. එක පාරටම කිසිම දෙයක් හිතාගන්න බැරුව පුදුමයට පත් වුණු අනිමිස ඉඳගෙන හිටපු පුටුවෙන් එහෙම්මම නැඟිට්ටා. නියෝන් අයියා හරි ලස්සනට හිනා වෙලා අනිමිස දිහා බලන් ඉන්නවා. සුදු ටී ශර්ට් එකට උඩින් වැටුණු කළු පාට බූල් කබාය නියෝන් අයියට එකතු කරලා තිබුණේ පුදුමාකාර කඩවසම් බවක්. ඒ හිනාව අස්සේ, ඒ ඇස් දෙක අස්සේ තිබුණේ පුදුමාකාර ආදරණීය බවක්.

Melody ✔Where stories live. Discover now