09 වෙනි තනුව

84 9 5
                                    


Cover Song එක ලිලැක් ස්ටූඩියෝ එකෙන් you tube එකට upload කරලා. උදේ සින්දුව upload කරලා දවසක් යන්නත් ඉස්සර song එකේ views මිලියනය පහු කරලා. අනිමිසට නම් මේ දේවල් හිතාගන්න බෑ. Original සින්දුවකුත් නොවී cover song එකක් වෙනුවෙන් මෙච්චර views ප්‍රමාණයක් . අනිමිස එහෙම්මම අයුර්ට කෝල් කළේ හිතේ සතුට දෝරේ ගලාගෙන යද්දී.

" චූටි තාත්තේ..."

" චූටි මැණික..."

" චූටි තාත්තා සින්දුව බැලුවද? "

" අනේ ඔව් පුතේ. මට හරි සතුටුයි මගේ පුතේ..."

අයුර්ට ඇස්වලට කඳුළු ඇවිත්.

" අද තාත්තත් හිටියනම් කොච්චර සතුටු වෙයිද, නේද ? "

අනිමිස ඇහුවේ ඇඳේ දිගා වෙලා සිවිලිම දිහා බලාගෙන .

" අනේ ඔව් පුතේ. එයා අද හිටියනම් මේ ලෝකේ කාටත් වඩා සතුටු වෙන්නේ එයා. එයා ඔයා වෙනුවෙන් ගොඩගහපු බලාපොරොත්තු එකින් එක ඉෂ්ඨ වෙද්දී මේ ලෝකේ කාටත් වඩා සතුටු වෙන්නෙ එයා..."

අයුර්ගේ බිඳුණු හඬ අනිමිසට හොඳාකාරවම දැනෙනවා.

" චූටි තාත්තා..."

" මැණික..."

" ඔයා අඬනවා නේද ? "

" අඬන්නෑ පුතේ, ඒත් ඇඬෙනවා..."

" මං ඔයාව බලන්න ඉක්මනට එන්නම් , හරිද? "

" හරි පුතේ...අහන්නකෝ..."

" ඕ..."

" නියෝන් අයියා මොකෝ කිව්වේ ඉතින් ? "

" එයාට හරි සතුටුයි චූටි තාත්තේ. ඔයා දන්නවද, එයා වගේ අනුන්ගේ සතුටක් වෙනුවෙන් වුණත් සතුටු වෙන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි. එයා මගෙ සහෝදරයෙක් වගේ චූටි තාත්ති . එයා තව වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. මාව බලාකියාගන්නේ මගේම අයියා කෙනෙක් වගේ. මේ කොළඹ අහස යට මට තියෙන එකම හව් හරණ එයා චූටි තාත්ති "

" මං දන්නවා පුතේ. නියෝන් කියන්නේ හොඳ දරුවෙක්. ඔයා එයාට කරදර කරන්න එහෙම එපා...හරිද ? "

" අනේ ඉතින් මං එහෙම කරන්නෑනේ..."

" අම්මේ ඔව්, මං දන්නැද්ද මගේ ළමයගේ හැටි..."

Melody ✔Where stories live. Discover now