Melody කියන්නේ කළු පාට ටැටූ නවල් එකේ දෙවෙනි කොටස කියන්න ගොඩක් අය දන්නවා මං හිතන්නේ. Melody කියවගෙන යද්දි දුරුතු නිර්වාණ්‍ය සෙනරත් , අයුර් පරිත්‍ර සත්නාර කියන චරිත දෙක ගැනත් සඳහන් වෙන හින්දා කුතුහලයක් ඇති වුණොත් කළු පාට ටැටූ එකත් කියවන්න.කළු පාට ටැටූ ලියලා ඉවර වෙද්දි මං melody ලියන්න පටන් ගත්තේ ගොඩක් ආසාවෙන්. කළු පාට ටැටූ අවසානයේ අයුර්ගෙයි, අනිමිසගෙයි අනාගතය ගැන හරි හැටි හිතාගන්න අමාරු නිසයි අනිමිසගේ ජීවිත කතාව මේ විදිහට ලියන්න හිතුවේ.
කළු පාට ටැටූ දුරුතු, අයුර් දෙන්නට වගේම Melody ලිලැක්, නියෝන්, අනිමිස තුන්දෙනාටත් මං ආදරෙයි. මොකද ඒ මං නිර්මාණය කරපු චරිත නේද කියලා මතක් වෙද්දී මට හරි සතුටක් දැනෙනවා.
එයාලගෙන් මොනවම හරි දෙයක් ඔයාලා ජීවිතේට එකතු කරගන්න ඇති කියලා මං හිතනවා. ආදරේ ගැන . ජීවිතේ ගැන. කැපකිරීම් ගැන. දෙමව්පියන් ගැන. නිහඬ ආදරේ ගැන . පෙම්වතුන් ගැන. ජීවිතේ දිනන විදිහ ගැන.
ඔයාලට මේ කතාවේ දැණුන තැනක් , දැණුන කෙනෙක් ඉන්නවනම් කියන්න . කතාව ගැන වචනයක් කියන්න . ඒක මට ලොකු සතුටක්. පුංචි කොටස් ගාණක් එක්ක වුණත් එකතු වුණ හැමෝටම ආදරෙයි.
ලිලැක් වගේ නිහඬ පෙම්වතුන් අපි අතරත් කොච්චර ඇතිද නේද ? ආදරේ නොකියා පොළවට වැලලිලා යන. ඒ ආදරේ ඔයාලට දැනුනද? නැත්නම් දැනුනේ නියෝන්ගේ ආදරේද?
Melody ඉක්මනට ඉවර වෙයි කියලා ඔයාලා හිතන්න නැතුව ඇති. ඒත් ඉවර කරන්න වෙනවා පැංචනි.
අකුරකින්, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි . Comment වලට, votes වලට ගොඩක් ස්තූතියි . විශේෂයෙන් MaheshiKapuruge අක්කා, cho_chea_jun ලස්සන comment ගොඩාක් එක්ක melody එක්ක එකතු වුණාට ගොඩාක් ස්තූතියි . තවත් ගොඩාක් අය හිටියා. අනේ මං නම් එහෙම දන්නෑ. සමාවෙන්න හොඳේ.ඒ වගේම මුලින්ම video එක හදලා දීපු SadewniNihara ඔයාටත් ගොඩාක් ස්තූතියි .
අන්තිමට කියන්න තියෙන්නේ ආදරේ කියන්නේ අයිති කරගන්න එකම නෙවෙයි. ඈතින් ඉඳන් එයා සතුටෙන් ඉන්න දිහා බලන් ඉන්නත් සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන් .
දන්නවද , සමහර ගස් මතුපිටින් මැරුණත් ඒවයේ මුල් පස් අස්සෙන් හුස්ම ගන්නවා.
ආදරෙයි හැමෝටම .
ආයෙමත් දුරුතුලා, අයුර්ලා, අනිමිසලා, ලිලැක්ලා , නියෝන්ලා එන්නෙ නෑ.
යන්නම් ළමයිනේ.
මං shadybush .
YOU ARE READING
Melody ✔
Non-FictionNon fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2