02 වෙනි තනුව

104 9 0
                                    


අනිමිස රත්නපුරයට ඇවිත් එතනින් රත්නපුර - කොළඹ බස් එකක නැගලා කොළඹ බලා පිටත් වුණා . අනිමිස හරි ආසාවෙන් බලාගෙන ගියේ ඈතින් පේන කඳු ශිඛර දිහා. සුදු පාටට ඇද හැලෙන දිය ඇලි ඒ කඳු ශිඛර දිගේ පහළට ගලන් එනවා කොල්ලා බලාගෙන හිටියේ පුදුමාකාර ආසාවකින්. පරිසරය එක්ක අනිමිසට තිබුණේ පුදුමාකාර බැඳීමක් . හැබැයි ටිකෙන් ටික බස් එක කොළඹ පැත්තට ලං වෙද්දි ඒ හුරු පුරුදු ආදරණීය පරිසරය මඟ හැරිලා යද්දී කොල්ලට ඇති වුණේ ලොකු වේදනාවක් . මොකද අනිමිස කියන්නේ දුරුතු වගේම පුංචිම කාලෙ ඉඳලා ගමේ හැදුණු වැඩුණු කොල්ලෙක්. ඉතින් අනිමිස ආසා කළේ ගමට, ගමේ පරිසරයට.

අවිස්සාවේල්ල පහු වෙලා ටික දුරක් යද්දි කොල්ලට පොඩ්ඩක් නින්ද ගියා. මොකද කොල්ලට ටිකක් මහන්සියි. ඇස් පියවුණ වෙලාවෙ කොල්ලා හීනෙන් දැක්කෙ චූටි තාත්තව. කොල්ලට දුක චූටි තාත්තව දාලා එන්න වුණු එක ගැන.  ඒත් තාත්තගේ වගේම චූටි තාත්තගෙත් හීනෙ නෙවෙයි බලාපොරොත්තුව වුණු තමන්ව හොඳ තැනකට අරන් ඇවිත් ලස්සන අනාගතයක් හිමි කර දීම වෙනුවෙන් ඒ ගමන කොල්ලට යා යුතුවම තිබුණා .

කොටුවෙන් බැහැලා තඩි බෑග් එකත් උස්සගෙන කොල්ලා බලාගෙන හිටියේ චූටි තාත්තා කිව්ව කෙනා එයාව ගන්න එනකන්. චූටි තාත්තා කොල්ලට කොටුවෙන්ම බහින්න කිව්වේ අතරමඟදි බැහැලා කොල්ලා අතරමං වෙයි කියලා බයට. විනාඩි දහයක් විතර කාලයක් අනිමිස කොටුවේ රත්නපුර බස් නවත්තන තැනට වෙලා බලාගෙන හිටියා . ඒත් එක්කම කොල්ලගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා. කොල්ලා දෙපාරක් හිතන්නෙ නැතුවම ඒ ආපු කෝල් එක ආන්ස්වර් කළේ හුරුපුරුදු දුරකතන අංකයක් නිසා.

" හෙලෝ අයියේ..."

" අනිමිස, ඔයා කොහෙද ? "

" මං ඉන්නෙ රත්නපුර බස් නවත්තන තැන..."

" ආ... ඔහොම ඉන්න මං එන්නම්..."

වැඩිය අහලා නැති හරි වෙනස් විදිහක අමුතු කටහඬක් ඒක. ජීවිතේට දැකලා නැති වුණත් හරි හුරුපුරුදු ලෙන්ගතු හඬක් ඒක. කොල්ලා බලන් හිටියේ කවුද මේ එයාව ගන්න එන අයියා කියලා බලාගන්න ආසාවෙන්. කොල්ලා බලන් ඉන්නවා. ඒත් එක්කම අනිමිසගේ කරට කවුදෝ මන්දා අතක් තිබ්බෙ පිටිපස්සෙන් ඇවිත්. අනිමිස බයවෙලා එහෙම්මම පිටිපස්සට හැරිලා බැලුවේ ගැස්සිලා වගේ. කැරලි කොණ්ඩයක් , අලුතින් රැවුල කපපු හින්දා යාන්තමට වැවුණු රැවුල , ජිම් ගිහින් හදාගත්තු ඇඟ, ශක්තිමත් උර බාහු, මනා පෞරුෂයක් තිබුණු පිරිමි සිරුර, පියකරු ආඩම්බරකාර හිනාව, එක අතක දිගටම කොටපු ලස්සන ටැටූව ඒ තරුණයට එකතු කරලා තිබුණේ පුදුමාකාර පෙනුමක්.

Melody ✔Where stories live. Discover now