රොටියක් කාපන් .....හැමදාම හවසට අප්පා ගුලි කරලා දෙන රොටිය ....
දැන් දැන් හරියට මතක් වෙනවා ...
අම්මට වඩා අප්පා මට ලෙන්ගතු වෙන්න අැති ...සමහරවිට අප්පට දකින්න හිටපු ගෙදර එකම පිරිමි පරානේ නිසාද පලවෙනි දරැවා නිසාද දන්නැ ...
මුඩුක්කුව පුරාම කට කතා තිබ්බත් සුද්දා වෙච්ච මම තලෙලු අම්මගෙයි අප්පගෙයි දරැවෙක් නෙමේ කියලා අප්පා එකට මට මුකුත් කිවේ නැ ....
යන්තම් හරි ඉගෙන ගෙන තිබ්බ මට කටකතා වල බොරැවක් පෙනුනෙත් නැති වෙනකොට මගේ අත පය වල දිස්නේ ගහන කිරි පාට හිනි දුගුරැ පාට අැස් තොල යට ලපේ එක්ක රෝස තොල් බෙල්ල ලගට වැවුනු කුරැ කලු කොන්ඩා් එක්ක මම අප්පගේ නොවෙන්න අැත් කියලා හිත හදාගත්තේ අම්මා කලින් හිටියයි කියන ගෙදර අම්මගේ අම්මත් ලොකේ පරණම රස්සාවට අත තියලා තියෙන්නේ පාරම්පරිකව නිසා ...
පුංචි කාලේ කතා ඉවසන්න බැරි තැන අප්පගෙන් ඔක අහද්දි මම අප්පගේ නෙමේද කියලා අහද්දි අප්පා මගේ දිහා බලලා ඔලුව අත ගැවා මිසක් වචනයක්වත් කිව්වේ නැතත් ගෙදරින් කාවද දෙන්නේ කියලා අහනකොට අම්මටත් කලින් ගැනු ලමයි තුන්දෙනා ඉස්සරහින් හිට ගත්ත අප්පා ව දැක්කහම ලෙයට ලෙය කකියනවා කියලා අප්පා මට නොකියා උත්තර දුන්නා ...
දුකක් නැ කියන්නත් බැ
...එත් හිත හදාගන්න උත්සහා කරනවා මම...
අපි තුන්දෙනෙක් පිරිමි ලමයි දෙන්නෙක් එක්ක ගැනු ලමයෙක් ...
අපිව ගේනාවේ ජිවිතේට දැකලා තියා හිතින් මවාගෙනවත් නැති ලොකුම ලොකු මාලිගාවකට ...
ලොකු වත්තක් වාහන ගොඩක් කලු අැදගත්ත තුවක්කු තියන් ඉන්න අය ගොඩ දෙනෙක් මැද්දේ ගැටගහලා තියෙන අත් දෙක එකතු කරලා පපුව යන්තම් අත ගාගත්තේ බයටම ...
නොදන්න රටක නොදැන්න බය හිතෙන තැනකට බලෙන්ම ගේනකොට අපේ ජිවිතේ ගැනවත් අයිති නැති අපි මොනවා කියලා කරන්නද ...
හරියට ඔලුව උස්සලා තැන මොන වගේද බලන්න ත් කලින් ඔලුව නවාගන්නවා කියලා බය හිතෙන විදිහට තුවක්කුවක් අතේ තියන් ඉන්න මනුස්සයෙක් කැගැහුවට පස්සෙත් ඔලුව උස්සන් ඉන්න තරම් හයියක් මට තිබ්බේ නැ ...