හරි කියුට් කොල්ලෙක්නේ ..කොහෙන්ද හොයා ගත්තේ ..
නියෝ මාව ඔෆිස් එකේම පහල තට්ටුවේ ලොකු කාමරේකට එක්කන් යනකොට එදා මාව බලලා මාපට අැගිල්ල උස්සපු මනුස්සයා එතන හිටියා ..
එයා මගේ කොන්ඩා් අවුස්සලා මම කියුට් කියද්දි මම හිටියේ නියොගේ අත ගැලවිලා යන්න තරම් තදට අල්ලගෙන ..
අනේ මට මොනවා කරයිද ..
මෙතන ලයිට් ගොඩායි ..කන්නාඩි අමුතු අමුතු බයර් කැලි ගොඩෝ අපි එනකොටත් මේ මනුස්සයා කන් වලට ලොකු මොකක්ද එකක් ගහන් උඩ පැන පැන හිටියා ..
බැරි වෙලාවත් මෙයාට පිස්සුද දන්නැ දෙයියනේ ..
දිනුවා ..හොයාගත්තේ නැ
.මම හිතන්නේ මම ලකි සොල් ..
මම කිව්ව ටිවි කමර්ශල් එකට මගේ සෝනු මැචින්ද ..
නියෝ මගේ කර වටේ අත දාගේන අහද්දි මම හිටියේ කටත් අරන් ..
ටිවි කමර්ශල් කිව්වේ අැඩ් එකකටද දන්නැ ..
මාව විකුනන්න නෙමේ අැවිත් තියෙන්නේ ..
දැනෙන සතුටටම මම නියොගේ අතක් බදා ගද්දි එක දැකලා නියෝට හිනා ගියා ..
.ෆර්ෆෙට් මචෝ
...කොල්ලා බය වෙලා වගේ හැබැයි ..
හෙට දවල්ට එක්කන් එන්න අපි අැගිමන්ට් සයින් කරලා පටන් ගමු ..
අර මනුස්සයා එහෙම කියද්දි නියෝ මගේ දිහා හරි අාදරණිය විදිහට බැලුවා ..
යමු ඔයාට මොනවා හරි ගන්න ..
ටික වෙලාවක් බලන් ඉදලා කියලා මාවත් අරගෙන නියෝ යද්දි මම සැනසිමෙන් හුස්මක් අරන් පපුවට අත තියා ගත්තා ..
කමක් නැ එයා මාව විකුනුවේ නැනේ ..
............................................................................රසයි ...
ලොකුම ලොකු අයිස් කිුම් පෙට්ටියෙන් හැන්දක් කාලා බැලුවා ..
සිතලම සිතල එක්ක චොක්ලට් කැලි කජු කැලි හැපෙනවා ..
මාර රසයි ....