මොකද දරැවෝ මේ හති දාන්නේ ....කිව්වත් වගේ උතුමාණන්ගේ අත් දෙක මගේ ඉනෙන් නිදහස් වුනු වෙලාවේ දි මම පැනලා දිව්වා ..
හැරිලා බලන්නෙවත් නැතුව පහලට දිව්වා ..
කෙලින්ම නැවතුනේ කාමරේ දොරත් වහලා දොරට හේත්තු වෙලා වෙනකොට අගුලු දාපු දොර වහගෙනම මම අැදුම් පිටින්ම අැදට පැන්නා ..
අැදට වෙලා හොද නින්ද ක හිටපු අන්ගත් අයියා මගේසද්දෙට නැගිටලා අැයි හති දාන්නේ අහනකොට හිනා වෙලා දුවගෙන අාවා කියලා බොරැවක් අැද බාලා අමාරැවෙන් හතිය නවත්ත ගත්තට හිතු අැතුලෙන් හදවතේ ගැස්ම ඔනවට වැඩි කියලා පපුවට තද වෙච්ච මගේ අැගිලි වලටම දැනුනා ...
කවදාවත් විදලා නැති ස්පර්ශයක් නිසාද නොලැබුනු උණුහුමක්ද කන ගාව මිමිනෙන වා වගේ අැහෙන ගැඹුරැ කටහඩක්ද උතුමාණන් මූනට මූන හම්බවෙච්ච බය නිසාද නැත්තන් සේරම එකතු වෙලා වැඩි වුන හදවතේ ගැස්මක්ද කියලා නොතෙරැනත් තාමත් හදවත වේගෙන් ගැහෙනවා ..
මගේ මූනේ නිකට යටින් තද වුනු අැගිලි අැදුමට උඩින් උනත් හමට දැනුනු රස්නේ එක්ක බෙල්ලට වැදුනු හුස්මක පහස මාව වෙවුලවන්න තරම් ගැඹුරැයි ..
පිරිමියෙක් වෙච්ච මාව තවත් පිරිමි අාත්මෙක ස්පර්ශය නිසා වෙව්ලුවා ..
හැබැයා මට අමතක වුනා එක මොහොතකට මම කවුද එතුමා කවුද කියලා ...
මම අයිතිම එතුමට වෙනකොට තවත් අවසරයක් මොකටද මාව අල්ලන්න ..
මට මන් ගැන අයිතියක් තියෙනවද
නැ ..
ජිවිතේට නොලැබුනු උණුහුමකටමාව වෙව්ලුවටමගේ අාත්මයම උනුසුම් වුනාට වැඩක් තියෙනවද එතුමා ට මාව
සෙල්ලන් බඩුවක් වෙනකොට ...
නම මතක තියාගන්නම් කිව්වට තව ටිකකින් එතුමට මාවත් අමතක වෙයි ....
සිහියට එන්න ...
මම මගේ ඔලුවට තට්ටුවක් දා ගත්තා ..
මම කවුද මෙහේ ඉන්නේ අැයි කියලා අමතක කරන්න එපා ...
උතුමාණන් මාව රැයකට ලගට ගත්තත් උණුහුමකට අැබ්බැහිවෙන්න එපා ..