"අද නම් තියන්නේ නෑ.."
හොබි මාස්ක් එකයි හුඩි එකයි දාගෙන වාහනෙන් බහින ගමන් තමන්ටම කිය කිය ගියේ ටේහ්යොන්ග් ඉන්න තැනට..
"යාාාාා..."
"ආහ්.. කබ්චගියා.."
හොබියාගේ කෑගැහිල්ලට ටේ විතරක් නෙමෙයි රෙස්ටුරන්ට් එකේ අනිත් අයත් ගැස්සුනා..
"ආාා හ්යොන්ග්.."
ටේ නහයෙන් අඩ අඩ කියනකොට හොබි කෙලින්ම ඇල්ලුවේ ටේගේ කන..
"ආහ්.. ආහ්..අප්පායෝ.. හ්යොන්ග්.. අතාරින්නකෝ.. රිදෙනවා.."
"අතාරින්න.. දන්නවද මං කොච්චර බය උනාද කියලා.."
හොබිගේ මුණ නොපෙනුනත් තරහ ගියාම අමුතු අදුරැ දම් පාටකින් දිලිසෙන ඇස් දැක්කාම ටේ හොදටම බය උනා.. අද නම් ඉවරයි..
"හ්යොන්ග් ටකෝයකි කනවද?"
ටේ බලෙන්ම වගේ උනුම උනු ටකෝයකියක් හොබිගේ කටට ලං කලා..
"මාව බය කලා මදිවට දැන් මගේ කට පුච්චන්නද යන්නේ?"
හොබි ඒක අනිත් පැත්තට ටේගේ කටටම ඔබලා එතනින් එලියට ඇදගෙන ආවා..
"අනේ හ්යොන්ග්.. මං මේ නිවාඩුවක් එනකම් බලන් හිටියේ මෙතනට එන්න.. අනික ඔයා දන්නවද මෙතන ටෙබල් එකක් බුක් කරගන්න තියන අමාරැව? ඔක්කොම ඉවරයි.."
ටේ කලින් කටට ඔබපු ටකෝයකිය කටට දාගෙන කාර් එකට නැගලා ඉදගත්තා.. හොබිට දුකත් හිතුනා.. ඉක්මනට ඇතුලට ගියපු හොබි ආයේ ආවේ ටේ හද හද හිටිය ටකොයකි ටිකයි තව ගොඩකුයි පැක් කරගෙන..
"ආා.."
පාර්සල් ටික ටේ අතට දිලා හොබි ආපහු යන්න වටෙන් කැරකිලා ඩ්රයිවින් සීට් එක ලගට ආවා.. එක පාරටම පැති කන්නාඩියෙන් කෙනෙක් බලන් ඉන්නවා දැක්ක නිසා එයා ඉක්මනට ඒ පැත්ත බැලුවා..
"ආා.. ඉසන්ග්හේ.. මං කවුදෝ දැක්කානේ..."
ඒත් එතන කුනු දාන ට්රොලි ඇර වෙන මොකුත් නෑ..
"හ්යොන්ග් වේ?"
"අනි.. ග්වෙන්චන්නා.. කජා.."
දෙන්නා apartment එකට එනකොට කුකි මේසේ අස් කරනවා..
ඒ එක්කම කොහෙන්දෝ ඉදන් පාවි පාවි වගේ කෑම කාමරේට ආවේ ජින්..
"මොකක්ද ඒ මගේ ධ්යානය කැඩුව සුවද?"
ටේ ඒකට හිනාවෙන ගමන් ගෙනාපු ටකෝයකි ටික දිග ඇරියා..
"ආා දැක්කනේ මට වරදින්න බෑ.."
ජින් විහිලු කර කර කුකිගේ කටටත් බලෙන්ම එකක් දානගමන් ටේට නොදැනෙන්න හොබි දිහා බැලුවා.. හොබි කල්පනා කර කරම ස්ටුඩියෝ එකට යනවා..
"මොකද මේ සද්දේ?"
නම්ජුන් ජිමින් එක්ක පහලට එන ගමන් අහලා ටකෝයකි දැක්කා විතරයි ජිමිනුත් දාලා ැනගෙන ආවේ..
"ටකෝයකි.."
නම්ජුන් හයියෙන් කියන ගමන් ලගට එනකොට අනිත් අයටත් හිනා..
"ඔයාලා කන්න මං හොබිටත් ටිකක් කවලා එන්නම්.."
ජින් ටේට සැක හිතෙන්නේ නැති වෙන්න ටිකක් අරගෙන හොබිගේ ස්ටුඩියෝ එක පැත්තට ගියා..
"හොබිබිබිබි.. චගියාාාාා... "
ජින් කෑගගහා ඇතුලට ගිහින් දොර වහගත්තා..
"හ්යොන්ග් වේ? අමුතු වෙලා?"
"මං නෙමෙයි අමුතු.. ටේ කොහෙද හිටියේ? මොකක්හරි අවුලක්ද?"
හොබි ඒ වෙනකොටත් Computer එකට මුන ඔබාගෙන..
"හරියට හරි.."
මොකුත් නොකියා හිටිය හොබි එක පාරටම කියනකොට ජින් ගැස්සුනා..
"කබ්චගි.. යාාා.. මොනවද හරි?"
"හ්යොන්ග් දැන් අපි පස්සෙන් කවුරැහරි ආවා.. මට ඒක දැනුනා.. මං මේ අපේ වාහනේ කැමරා footages බැලුවේ.. මේ බලන්න.."
හොබි pause කරලා එක තැනක් පෙන්නුවා එතන අමුතු ඇදුමක් ඇදගත්ත කෙනෙක් වාහනේ ලගම හිටගෙන.. කැමරාව ලග නිසා ඒ කෙනාගේ මුණ පෙන්නේ නෑ..
"හොබියාා..."
එක පාරටම දොර ඇරගෙන ආවේ යුන්ගි.. එයා අලුත් ඇල්බම් එකේ Song එකක් අරගෙන ආවේ හොබි එක්ක ඒක හදන්න..
"දෙන්නා මොකද බය වෙලා වගේ?"
යුන්ගි ලගට ඇවිත් ටකෝයකියක් කටේ දාගෙන couch එකේ ඉදගත්තා..
"මං මේ දැක්කාමයි aliensලා alien movie බලනවා.."
"හ්යොන්ග්.. ආහ් චින්චා.."
හොබි යුන්ගි කිව එකට රවනකොට යුන්ගි අතේ තිබ්බ ටකෝයකි එක අගුරැ වෙලා චොප් ස්ටික් දෙකත් රත් උනා..
"ආායිශ්..."
අන්තිමට නතර උනේ යුන්ගි අත පුච්චගෙන..
"මේ Utopia ලාංඡනය නේද?"
එක පාරටම යුන්ගි computer screen එක පෙන්නලා අහනකොට හොබි ටිකක් ඇත් වෙලා බලලා ඇස් ලොකු කරගත්තා..
"දෙවියනේ.."
"මොකද?"
"ඒ අපේ හමුදා ජෙනරාල්ගේ සලකුන.. ඒත් මෙයා මෙහේ කියන්නේ ලොකු කරදරයක් අත ලග.."
"ඒ... කීවේ???"
ජින් එක පාරටම සිහිය නැතිව හොබිගේ ඇග උඩට වැටුනා.. හොබි පිටිපස්ස බලනකොට යුන්ගිටත් සිහිය නෑ.. ජින්වත් යුන්ගි ලගින්ම තියලා හොබි පහලට දිව්වා..
ජිමින් නම්ජුන් කුකි ටේ එක්ක සෝෆා එක උඩ ටිවි එකත් දාලා ඒ හතර දෙනාටත් සිහිය නෑ.. ටේ අතේ තවම ටකෝයකි..
"මේවා..."
හොබි එකක් නහයට ලං කරලා බලලා දෙකට කැඩුවා.. ඒ මැද දැල්ලෝ වෙනුවට තිබුනේ Utopiaවේ බෙහෙත් ශාකයක කෑලි.. ඒවාගේ අසාමන්ය පාට වගේම කෙනා අනුව වෙනස් වෙන රස නිසා ඒවා එක පාරටම අදුරගන්න අමාරැයි.. ඒ එක්කම දැනුනේ ගේ ටිකක් හෙලවෙනවා වගේ.. මේසේ උඩ තිබුන විදුරැ බොල දාපු බෝල් එකත් විශාල ශබ්දයක් නගමින් බිම වැටිලා කැලි විසිරිලා ගියා..
එක් වරම Rooftop එක පැත්තෙන් පහලට කට්ටියක් එනවා ඇහිලා හොබි ටකොයකියක් අතේ තියාගෙනම බොරැවට සිහිය නෑ වගේ සෝෆා එකට වැටුනා..
"ඉක්මනට කුමාරයාව යානාවට ගෙනියන්න.. අනිත් අය ඔහොම හිටපුදෙන්.."
අහලා පුරැදු කටහඩකින් කියනවා හොබි අහගෙන නොසෙල්වි ඉන්නකොට කවුරැන්දෝ හොබිගේ මුන හැරෙව්වා..
"ජෙනරල්.. ඔබතුමා මේක දකින්නම ඔන.."
බර අඩි සද්දයක් ලග ලගම ඇහෙනකොට හොබි නොවෙනස්ව එහෙමම හිටියා..
"ඔහෝ.. මේ ඉන්නේ අනාගත Utopiaවේ සේනාධිනායකතුමා නේද? මෙයාවත් අරන් යනවා.. පස්සට ඔන වෙයි.."
හතර දෙනෙක් හොබිවත් ඔසවගෙන යානය ඇතුලට අරන් ගිහින් එක් කුටියකට දාලා වැහුවා.. තවමත් හරි වෙලාව නොවෙන නිසා හොබි ටිකක් වෙලා එහෙමම හිටියා.. ඒත් විනාඩි පහලොවකින් විතර හොබිගේ ඇස් ඉබේම ඇරැනේ දැනුන අපහසුතාව නිසා..
ඇස් අරිනකොට තිබුන තද ආලෝකය නිසාත් ඇග ඇතුලෙන් හිරවෙනවා වගේ දැනෙන නිසා අපහසුවෙන් එක් බිත්තියක හේත්තු උනා..
"ඔ.. ඔබ නැගිටලා.. නැත්නම් ඔබට තවත් රගපාන්න බැරිද?"
අමුතු ඇදුමකින් සැරසුන කෙනෙක් අහනකොට හොබි ඒ පැත්ත බැලුවෙත් අමාරැවෙන්..
"ඇයි මේ.."
හොබිට එක පාරටම කතා කරන්න බැරිව කැස්සක් ආවා.. ඒ එක්කම නහයෙන් මොනවා හෝ දියර බිදු කිපයක් ගලාගෙන එනවා දැනිලා හොබි නහය පිස්සා.. ආයෙත් කැස්ස එක්ක හොබිට ලේ වමනේ යනකොට අමුත්තා ලගට ආවා..
"මේක ගන්න.."
ඔහු එක් කුඩා උපකරනයක් හොබි අතට දුන්නා.. ඒක utopiaවේ ගගනගාමින් පලදින හිස ආවරනය කරන පීඩනය හා ගුරැත්වය පාලනය කරන උපරනයක්.. ඒක දාලා හයියෙන් හුස්මක් ගත්ත හොබිට යම් සැහැල්ලුවක් දැනුනා.. ඒත් තවමත් පපුව රිදෙනවා..
"ඔබ පෘථිවියේ හිටි කාලය වැඩි..."
තවදුරටත් ඔහු අමුත්තෙක් නෙමෙයි.. හොබි හෙමිහිට ඔහු දිහා බැලුවා..
"තාත්තේ.. ඔයා.. දෙවියනේ.. ඔයාලා දෙන්නම හොදින්.."
෴ මතු සම්බන්ධයි ෴
YOU ARE READING
Utopia
FanfictionThe Land of Perfection... Taehyung and Hoseok are siblings of the Utopian Royal Family. Taehyung is the Crowned Prince of Utopia. Suddenly the Core of Utopia Started to collapse. Therefore King decided to send Taehyung and Hoseok to Earth. Eventuall...