CHAPTER 6

340 87 1
                                    

~පෙර දින රාත්‍රිය~

"අම්මේ මං ඔයාව විස්වාස කරනවා.."

හොබි අම්මාව වැලදගන්න ගමන් කියනකොට අම්මා හොබිගේ හිස කෙස් අතරින් හෙමින් අතැගිලි යැව්වා..

හොබි අම්මාගෙන් ඈත් වෙලා තවමත් සැපට නිදාගෙන ඉන්න ටේ ලගට ගියා..

"අපි ඉක්මනටම ආයේ හමුවෙමු... එතකම් පරිස්සමින් ඉන්න.."

ටේට ඇහැරෙන්නේ නැතිවෙන විදියට ඔලුව අතගාලා නලලට හාදුවක් දුන්නා.. ඒ එක්කම හොබිගේ අම්මාගේ අතේ තිබුන පලදනාව ඒකාකාරී බීප් හඩක් නිකුත් කරන්න පටන් ගත්තා..

"ඔවුන් මේ ක්ෂිරපතයට ඇතුල් වෙලා.. මං ඉක්මන් කරන්න ඕන හෝසොක්.. මට සමාවෙන්න ඔබව තනිකරලා යනවට.. අම්මා ගොඩක් ආදරේයි.."

අම්මා හොබිගේ නලලට හාදුවක් දිලා ඉක්මනටම යානාය තුලට ගියා.. ටාටාව තුරුල් කරගෙන නිදාගෙන ඉන්න ටේ ඇය පසුපසම අවකාශයේ පාවීගෙන යානය තුලට ගියා..

"සුභ ගමන්.."

පුංචි ආලෝක බෝල දෙකක් වෙලා ඉහලට යන අම්මත් ටේත් දිහා හොබි බලාගෙන ඉදලා කාමරේ ඇතුලට ගියා.. ටේගේ විකිරන නිසා මුලු කාමරේම පිච්චිලා.. හොබි එයාගේ බලයෙන් කාමරේම තිබුන විදියට හදලා පහලට යනකොට නම්ජුන් එක්ක යුන්ගි ඇවිත්...

ඒ වෙලාවෙම හොබි ටේගේ කෙස් ගහකින් හැදුව ටේගේ ක්ලෝනය එලියට ආවේ කාටවත් සැක නොහිතන විදියට.. පහුවදාත් ටේගේ ක්ලෝනය ටකොයකි කන්න තනියම එලියට යවලා utopiaවේ මේ නව ජෙනරාල් අල්ලගන්න තමා හොබි මේ වැඩේ කලේ...

හොබි ඉදගෙන කල්පනා කලේ දැන් ඊලඟට කරන්න ඕන දේ ගැන... ඒ එක්කම ඇහුනේ අහලා පුරුදු කෑගැහිල්ලක්..

"බෝයා.. ජින් හ්යොන්ග්??"

හොබි දොරට කන තියලා අහගෙන හිටියා.. ඒ ජින් තමා..

"යා.... අතාරිනවා මාව කීවාම අහලා.. ආආආආආආආආආආ"

"හ්යොන්ග්.. ඔය මනුස්සයාගේ කන ඇහෙන්නේ නැතුව යයී ඔහොම කෑගහලා.."

ඒ යුන්ගි ...

"වාහ්.. මගේ කැම් එක ගේන්න බැරි උනානේ.."

"ජන්ග්කුකා.. අර බලන්න අපේ ලෝකේ..."

කුකි ජිමින් එක්ක යානයේ තියන දේවල් බලනවා වෙන්නේ මොනවාද කියලාවත් මතක නැතුව...

"ලමයි අපි මෙතනින් ඉක්මනට යන්න ඕන.. අනික ඔය හෙල්මට් ගලවන්න එපා.. හුස්ම ගන්න අමාරු වෙයී.. කලබල නොවී ඉමු.."

නම්ජුන් කට්ටිය සන්සුන් කරනවා.. ටිකකින් හොබි හිටිය කාමරේ දොර ඇරුනා.. අනිත් පස් දෙනාවත් කාමරේට දාපු සෙබළුන් දොර ආයෙත් වහලා එතනින් ගියා..

- මතුසම්බන්ධයි-

UtopiaWhere stories live. Discover now