CHAPTER 8

341 86 2
                                    


"කුමරුනි, ඔබතුමා එනකම් තමා අපි බලන් හිටියේ.. සාදරයෙන් පිලිගන්නවා.. ද්‍රෝහියා.. අල්ලගන්නවා මුන් ටික.."


ඒ වෙලාවේ කට්ටිය ඇදගෙන හිටියේ හොබිගේ තාත්තාගේ සෙබලුන්ගේ අභ්‍යාවකාශ ඇදුම්.. ඒ නිසා කැරලිකරුවන් හිතුවෙ ඒ ජෙනරාල්ගේ සෙබලුන් කියලා.. utopia වේ බිදවැටීම එක්ක සිරගතව සිටි බොහො දෙනෙක් ඉන් මිදුනා.. ඔවුන් සියලු දෙනාම මිය ගිය රජතුමාගේ පාක්ශිකයන් නිසා ජෙනරාල් එක්ක හිටියේ තරහෙන්..

"පොඩ්ඩක් ඉන්න.. මේ පෘථිවි වාසින් මොකක්ද මෙහේ කරන්නේ??"

කැරලි නායකයා අහනකොට හොබි ඉස්සරහට ආවා..

"මං හිතනවා ඔබට මාව මතක ඇති.. මේ මගේ පෘථිවි මිතුරන්.. ඔබේ පුතාත් පෘථිවියේ සුවෙන් කාලය ගත කරනවා.. අපි හැමෝටම වගේ ඔහුටත් ඔබව ගොඩක් මතක් වෙනවා ඇමතිතුමනි.."

"හෝසොක්? "

"ඔව්.. අපිට ඔබේ උදව් ඕන.. මගේ තාත්තාගෙන් utopiaව බේරගන්න.."

හොබි කියනකොට කැරලි නායක, පැවති රජයේ ප්‍රධාන ඇමතිතුමා ලගට ඇවිත් ඔහුව තදින් වැලදගත්තා..

"මට සමාවෙන්න.. ඔබ දන්නේ නැතුව ඇති.. Utopiaව දැන් නෑ.. එය දැවෙන පිපිරීමට ආසන්න තරුවක්.."

"මාව විස්වාස කරන්න මට සැලසුමක් තියන...

හොබීට වචනය ඉවර කරන්නත් කලින් එක්වරම වැදුනු ලේසර් තුවක්කු ප්‍රහාරය නිසා කැරලි නායකතුමාගේ ඇගට වැටුනා..

"හ්‍යොන්ග්.."

"හොබියා..."

කට්ටියම ලගට එනවා හොබි දැක්කේ බොද වෙලා..

"ඉක්මනට මෙයාලාව කදවුරට අරන් යන්න.. කුමාරයාට තුවාලයි.."

"අපි එයාව ගන්නම්.."

නම්ජුන් ජින් එක්ක හොබිව උස්සලා අරගෙන කැරලිකරුවන්ගේ වාහනේට නැග්ගේ පුලුවන් තරම් වේගෙන්.. ඒ වෙනකොටත් ඊට ටිකක් නුදුරෙන් ජෙනරාල්ගේ සෙබලුත් කැරලිකරුවන් අතරත් දරුනු ගැටුමක් ආරම්භ වී අවසන්..

හොබි අමාරු නිසාම හෙමින් ඇස් දෙක පියාගත්තා.. එයාට දුරින් වගේ අනිත් අයගේ කටහඩවල් ඇහුනේ..

"හ්‍යොන්ග් ඇස් අරින්න.. හ්‍යොන්ග්.."

"හොබී.. ඇස් අරින්න.."

වාහනේ වේගෙන් ඇදුනේ කදවූර පැත්තට.. හොබිට අන්තිමට මොකද උනේ කියලා මතකයක් නෑ.. ඒත් හූරු පුරුදු අතක් අල්ලගෙන් ඉන්නවා වගේ දැනුන නිසා හොබි ඉක්මනට ඇස් ඇරියා..

"අම්මා.."

"හෝසොක්.. ඔහොම ඉන්න.. ඔයාට තුවාලයි.."

හොබි අමාරුව නිසාම නොසෙල්වීම අම්මාගේ අත තද කරලා අල්ලගත්තා..

" අම්මා.. ටේහ්‍යොන්ග්.. එයා හොදින්ද??"

"ඔව්.. බය වෙන්න එපා හැමෝම හොදින්.. අර බලන්න.."

අම්මා නැගිටලා පෙන්නනකොට අනිත් 5 දෙනාම ටේහ්‍යොන්ග් වටකරගෙන බිම නිදි.. හොබි සැනසුම් හුස්මක් පිටකරලා ආයෙත් කොට්ටෙට බර උනා.. ඒත් එයා දැක්ක දේ අදහගන්න බැරි උනා..

"අම්මා.. මං.. මං ගෙදර.. කොහොමද?"

හොබි හිටියේ එයාගේ utopia වේ ගෙදර කාමරේ.. එයාගේම ඇදේ..

"පුතේ, අපි Titanවල දොරටුවෙන් නැවත utopiaවට ඇතුල් උනා.. ඔයා ගොඩක් අමාරුවෙන් හිටියේ ලේසර් ප්‍රහාරය නිසා.. ඒ වගේම අපි දොරටුව හරහා එනකොට කාලයේ පසුපසට ඇවිත්... මේ අපිට ලැබෙන අවස්ථාව හෝසොක්.. හැමදේම හරි විදියට හරිගස්සමු..."

හොබිගේ අම්මාගේ කතාව නිසා කුකීට ඇහැරුනා.. එයා හොබි ඇහැරලා දැකලා ජිමිනුත් පෙරලගෙන හොබි ලගට දුවගෙන ගියේ..

"හ්‍යොන්ග්.. දෙවියනේ ඔයා හොදින්.. මං.. අනි අනි.. අපි ගොඩක් බය උනා.."

කුකි එක දිගට කියවනවා.. අනිත් අයත් හොබි ඇහැරලා දැකලා ලගට දුවගෙන ආවා.. එයාලාට ගොඩක් සතුටුයි හොබිටයි ටේහ්‍යොන්ග්ටයි කරදරයක් නොවුන එකට...

හොබිගේ අම්මා හොබිට නිදාගන්න ඇරලා අනිත් අය එක්ක එලියට ආවා..

"ඔමොනිම්.. අපි දැන් මොකද කරන්නේ? හොබිගේ තාත්තා අර දොරටුවෙන් අපි පස්සේ එයිද?"

"ඒ ගැන බය වෙන්න එපා.. කැරලිකරුවන්ට මං කීවා දොරටුව අපි ගියාම විනාස කරන්න කියලා.."

හොබිගේ අම්මාට ඇහුම්කන් දෙන අතරේ එතනට ආව කෙනා දැකලා කට්ටියම බය වෙලා නැගිට්ටුනේ ඉබේමයි..

ඇය වෙනසක් නොපෙන්වාම ඔහු ලගට ගියා..
"ආහ්හ් ලමයි අදුරගන්න මේ හෝසොක්ගේ තාත්තා.. ආහ්හ් මේ අපේ හෝසොක්ගේ පුහුනු කදවුරේ මිතුරෝ.. ඔවුන් පෘථිවි වැසියෝ.."

"හමුවීම සතුටක්.."

තාත්තා කියනකොටම මොකක්හරි අමුත්තක් දැනුනත් හැමෝම ඔහුට ආචාර කලා..

- මතුසම්බන්ධයි -

UtopiaWhere stories live. Discover now