CHAPTER 7

354 89 3
                                    

"අහ්හ්හ්හ් හොබියා.. ඔයා හොදින්.. මං බය උනා ටේහ්‍යොන්ග්ට උන දේ දැකලා.."

නම්ජුන් හොබිව දැක්ක ගමන් තද කරලා බදාගෙන කියාගෙන කියාගෙන ගියා..

"මං හොදින් බය වෙන්න ටේහ්‍යොන්ග් අපිටත් වඩා හොදින්.."

හොබි එහෙම කියලා ආලෝකයේ වේගයෙන් ඈතට යන පෘථිවිය දිහා විශාල වීදුරු ජනේලෙන් බලන ගමන් සුසුමක් ඇරියා..

"හ්‍යොන්ග් අපි මේ කොහෙද ඉන්නේ?"

"අපි දැන් ඉන්නේ පෘථිවියත් utopiaවත් අතර මානයේ දොරටුව ලග.. ඒත් ටේහ්‍යොන්ග් නැතුව අපිට දොරටුව හරහා යන්න බෑ.. එයාගේ DNA තමා රහස් කේතය.."

ඒ එක්කම යානයේ ගමන් මග වෙනස් වෙලා හැරුනේ අගහරුගේ උපග්‍රහයෙක් වන Titan දෙසටයි..

"හොබියා.. මං වැඩිය ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ හැබැයි අර පේන්නේ සෙනසුරු නේද? ඇයි මේක එහෙට යන්නේ?"

ජින් නැගිටලා ඇවිත් සෙමින් ලංවෙන සෙනසුරු පෙන්නලා ඇහුවා..

"අපි යන්නේ සෙනසුරුවලට නෙමෙයි Titanවලට.."

"මොකක්?? Titan? හොබි ඔයා දන්නවා ඒක සියදිවි නසා ගැනීමක්.."

නම්ජුන් කියන එක අනිත් අයට තේරුම් ගියේ ටිකක් වෙලා ගිහින්.. Titan කියන්නේ මිනිස් වාසයට ගැලපෙන්නෙම නැති තැනක්.. දරාගන්න බැරි සීතල, අහිතකර වායුගෝලය, ගුරුත්වය මේ හැමදේම නිසා Titan ජීවයෙන් තොර ග්‍රහයෙක් විදියටයි සලකන්නේ..

"අපි එහේ නවතින්නේ නෑ.. අපි ඒ හරහා යනවා.. "

"මොකක්?? හ්‍යොන්ග් තේරෙන්න කියන්නකෝ.."

කුකී ඇහුවේ මේ වෙන මොකුත්ම එයාට නොතේරෙන නිසා..

"හරි අහගන්නකෝ.. මට අම්මා කියලා තියනවා Utopia වෙන් පිටුවහල් කරපු අය රදවන්නේ Titanවලලු.. ඉතින් Titanවල තවමත් වහපු නැති දොරටුවක් තියෙන්න ඕන.. ඒත් මං දන්න තරමින් ඒ හරහා එන්න විතරයි පුලුවන්.. Utopia වට යන්න බැහැ..."

හොබිගේ කතාව අහලා හැමෝම නිශ්ශබ්ද උනා.. හය දෙනා තැන් තැන්වල ඉදගෙන.. ඒ එක්කම යානය Titanගේ වායුගෝලයට ඇතුල් උනේ මෙතෙක් ලැබුන හිරුගේ ආලෝකය ටික ටික නැති වෙලා යද්දි.. මුලින්ම ඝන කහ පාට දුමාරය මැදින් සෙමින් සෙමින් යානය එක් ආවාටයක් මෙන් සැකසුනු තැනක නතර කරනු ලැබුවා.. ටිකකින් දැනුනේ දරාගත නොහැකි තරම් සීතලක්..

"හ්‍යොන්ග් සීතලයි.."

කුකි ජිමින් දනගාගෙන මෙන් ජින් යුන්ගි ඉන්න තැනට ඇවිත් බ්ලැන්කට් එක යටට ගුලි උනා..

"මේවා ඇදගන්න.. ඉක්මනට... මං යනවා.. කුමරුනි ඔබව දැකීමත් සතුටක්.."

එක් සෙබලෙක් ගගනගාමී ඇදුම් 6 ඔවුන්ට දි හෝසොක්ට කතා කලා..

"ඔබ.. ලුතිනන් මටීස්.."

"කැප්ටන් මටීස් කුමරුනී... ඔබේ පියා මාව උසස් කලා.."

"ඔව් ඔබ ඔහුගේ ලගම මිතුරානේ.."

"නමුත් කුමරුනී, ඔහු මාව රැවටුවා.. ඔහු කිවා ඔහුට ඕන ඔටුන්න හිමි කුමරු බලයට ගේන්න කියලා, නමුත් ඔබේ ක්ලෝනයට කල දේ දැකලා මට ඇත්ත තේරුනා.. ඔහුට ඕන කුමරුන්ව ඝාතනය කරන්න.. ඒ නිසා ඉක්මනින් පිටවෙන්න.."

"ඒත් කැප්ටන් මේ Titan, අපි කොහේ යන්නද මේ කාන්තාරේ.. පැයක්වත් අපි ජිවත් වෙන්නේ නැති වෙයි.."

හොබි කැප්ටන් මටීස් එක්ක කතා කරන අතරේ අනිත් අය ඇදුම් ඇදගෙන ඉවර උනා..

"කුමරුනි බය වෙන්න එපා.. මෙතන ඉදන් උතුරු දෙසින් තමා අපේ සිර කදවුර පිහිටලා තියෙන්නේ.. එහි දැන් ගොඩක් ඉන්නේ මිය ගිය රජතුමාගේ පාක්ශිකයන්.. මෙය පෙන්වන්න ඔවුන් උදව් කරාවි.."

ඔහු හෝසොක් අත රාජකීය මුද්‍රාව සහිත මාලිමාවක් තැබුවා.. එය utopiaව ගොඩනැගු රජුගේ මාලිමාව බව හෝසොක් දැනගෙන හිටියා..

මටීස්ගේ උදව්වෙන් යානයෙන් එලියට ආව හය දෙනා හෙමින් හෙමින් උතුරු පැත්තට යන්න පටන් ගත්තා.. ඝන මීදුම නිසා අතරමන් වෙයි කියලා හිතලා එකිනෙකාව ශක්තිමත් කබයකින් සම්බන්ධ කලා..

"හ්‍යොන්ග් තව ගොඩක් යන්න ඕනද? මගේ කකුල් සීතලට හිරි වැටිලා.. හරිම අමාරුයි.."

ජීමින් ටිකක් නවතින ගමන් කීවේ ඉස්සරහින් ගිය නම්ජුන්ව ඉබේම නවත්තන ගමන්..

"මං හිතන්නේ අපි කිට්ටුයි.. අර බලන්න.."

ජින් මීදුම අතරින් පේන තද ආලෝකයක් පෙන්නලා කීවා..

ඒ එක්කම පිටිපස්සෙන්ම ආවා ජිමින් කෑගහුවේ හිතාගන්න බැරි විදියට.. එයා එක පාරටම අතුරුදන් වෙලා.. එයාට ඉස්සරහින් හිටිය නම්ජුන් ලනුව අතට ගන්න ගමන් වටපිට බැලුවත් කවුරුත් නෑ..

"ජිමිනා.. ජිමිනාඅ..... ජිමිනා...."

කට්ටිය කොච්චර කෑගැහුවත් ජිමින්ගේ කටහඩක්වත් ඇහුනේ නෑ..

ගත උනේ තප්පර කීපයයි, 20ක් විතර පිරිසක් කට්ටිය වට කරගත්තේ හිතන්නවත් කල් නොදි..

"කුමරුනි, ඔබතුමා එනකම් තමා අපි බලන් හිටියේ.. සාදරයෙන් පිලිගන්නවා.. ද්‍රෝහියා.. අල්ලගන්නවා මුන් ටික.."

- මතුසම්බන්ධයි -

UtopiaWhere stories live. Discover now