Character introduction

3.7K 313 234
                                    

Shen...

හායි...මන් ශේන්...කොට කොන්ඩෙයි , ඩෙනිමයි , T එකයි නිසා ඕනම තැනක මාව හොදට කැපිලා පේනවලු...මිනිස්සු කියන්නේ ඒමයි..මන් කොල්ලෙක් වගේලූ..ඕන තරම් අය ඒම කියනවා මට ඇහිලා තියෙනවා..කොහොමත් මන් කෙල්ලෙක් වගේ නෙමෙයි කියලනම් මාත් දන්නවා.මන් ගවුම් , සායවල් එතකොට බ්ලවුස් අදින්නේ නෑ..මන් කැමතිත් නෑ ඒවට...අනික මට ඒවා ඇත්තෙත් නෑ..මගෙ අතේ බාහුවේ ඉදන් අල්ල වෙනකන්ම ගහලා තියෙන ලොකු tattoo එක නිසත් මගේ පෙනුම විකාරයක් වගේ කියලා හැමෝම කියනවා..කොටින්ම කිවුවොත් මගෙ කට හඩ ඇහෙනකන්ම මිනිස්සු මන් දිහා බලන්නේ කොල්ලෙක් දිහා බලනවා වගේ...😂මට අවුරුදු 23ක් වෙනවා දැන්.මන් හොටෙල් එකක වැඩ කරන්නේ.තායිලන්තේ හොටෙල් එකක.මොකද මගේ තාත්තා තායි අම්මා ලංකාවේ මන් ඉතින් තායි , ලංකන් සම්මිශ්‍රණයක උපතක් කිවුවොත් හරි...😁මන් ගොඩක් තාත්තා වගේ..මොකද මට තායී look එක තියෙන නිසා මගෙ අම්මා ලංකාවේ කෙනෙක් කියලා කවුරුත්ම හිතන්නේ නෑ...මට ජිනීව හම්බුනේ එයා නතර වෙන්න ගෙයක් හොයද්දි. අතේ සතේ නැතුව එයා කෝමද ගෙදරකට ගෙවන්නේ මගේ යලුවෙක්ගේ මාර්ගෙන් තමයි ජිනීට මන් මගේ ගේ ගැන විස්තර කියලා එන්න කිවුවේ එයා කලින් ඇවිත් හිටියා එදා මන් එද්දි ටිකක් රෑ වුනා..යාලුවගේ මාර්ගෙන් මගේ ගෙදර key එක මන් ජිනීට යවලයි තිබ්බේ...ඉතින් රෑ වෙලා ඒ ගෙදරට කොල්ලෙක් ආවා කියලා හිතලා එදා රෑ තව පොඩ්ඩෙන් ජිනී මාව මරනවා..😂

(විශ්වාස කරන එකක් නෑ ඔයාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(විශ්වාස කරන එකක් නෑ ඔයාලා..මේ ඉන්නේ මන්....මන් කෙල්ලෙක් වගේ නෙමෙයි නේද..?ඒකනේ ජිනීත් මුලින්ම මාව දැක්ක දවසේ කොල්ලෙක් කියලා රැවටුනේ...😂)

🌺 Jinny.....

හායි...මන් ජිනී...මන් තායිලන්තෙට ආවේ වෙන හේතුවක් නිසා නෙමෙයි TV series එකකින් මන් දැක්ක ඒ ඇස් හොයාගෙන..ඔව් මන් ආවේ actor කෙනෙක් නිසා. මන් උදේ හවා එයාව Follow කරනවා..හැම ෆෑන් මීටින්ග් එකකටම මේ වෙද්දි ගිහින් තියෙනවා ඒත් එයා එක්ක කතා කරන්න එකම අවස්තාවක්වත් හම්බවුනේ නෑ..travel කරන්න වීසා ගහන් ඇවිත් මන් එහෙම්මම නතර වුනා..දැන් මට ජොබ් එකක්වත් නෑ අතේ සල්ලිත් නෑ..මන් ලන්කාවෙ girls ලා නතර වෙලා ඉන්න තැනක් හෙවුවා ඊට පස්සේ තමයි මට ශේන්ගේ ගේ ගැන දැනගන්න පුලුවන් වුනේ..ශේන් ලංකාවේ කෙනෙක් වගේනම් නෙමෙයි එයා ගොඩක් තායී කෙනෙක් වගේමයි..ඒ එයාගේ තාත්තා තායි නිසා වෙන්න ඇති..ශේන් පලවෙනියෙන්ම දැකපු දවසේ මන් තව පොඩ්ඩෙන් එයාගේ ඔලුව පලනවා මන් හිතුවේ කොල්ලෙක් කියලනේ ඉතින්..මොකද ශේන් Tomboy කෙනෙක් . එයා කොල්ලෙක් වගේමයි...නෑ ඒක මෙහෙම කියන්න පුලුවන් දෙවියනේ එයා කොල්ලෙක්මයි...ඔයාලටනම් හිතා ගන්නවත් බෑ...ඉතින් මන් රැවටෙන එක සාධාරණයිනේ..🙈😂

(මේ ඉන්නෙ මන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ ඉන්නෙ මන්..මන් මේ වගේමයි.දිග කොන්ඩෙයි..ඒ විතරක් නෙමෙයි මන් වැඩිය උස නෑ..මන්නම් ඔය ශේන් වගේ නෙමෙයි මොකද මන් ගෑණු ලමයෙක්...🙈 ශේන් වගේ Tomboy කෙනෙක් නෙමෙයි.)

🌺මෙන්න වලියක්...🌺

ශේන් - මේ හලෝ මන් tomboy කෙනෙක් නෙමෙයි...

ජිනී - මොකද නැත්තේ ඒනම් ඇයි ඔය වගේ ඉන්නේ..??

ශේන් / ජිනී - ඔන්න ඕකයි දැන් තත්වේ...කොහොම වුනත් අපි දෙන්නගේ කතාව ඔයාලා ආදරෙන් වැලදගනී කියලා හිතනවා...

*************************

ඔන්න මන් අලුත් කතාවකින් ආවා..ඔයාලා ඉල්ලුවා වගේම මේක GL එකක්..Girls love එකක්...ගොඩක් friendly විදියටයි ලියන්නෙ මන්...21++++නම් නෙමෙයි ඔන්න...ඒවා බලාපොරොත්තු වෙන්න එපො..මන් තාම පොඩී...BL ලිවුවට මට GL ලියන්න තේරෙන්නෙත් නෑ..මන් GL movie එකක් කියලා බලලා තියෙන්නෙත් එකම එකයි..😂
විහිලුවක් වගේ නේද ?? මේක මගේ පල්වෙනි GL කතාව . ඉතින් වැරදි තිබ්බොත් සොරි වෙන්න ඕනී..අනිත් එක හිටපු ගමන් BL වල පුරුද්දට මේකේත් ශේන්ව පොඩ්ඩක් ඒ පැත්තට බරවෙනවා වගේ තිබ්බොත් ගනන් ගන්න එපා...ශේන් කියන්නේ කෙල්ලෙක් කියලා ඔයාලා මතක තියන් කියවන්නකෝ..මට අමතක වුනාට කරන්න දෙයක් නෑ ඉතින්..BL ලිවුව පුරුද්දනේ...😂😂

ඉකමනටම දෙන්නම්කෝ කතාව මන්....❤️

                                                        @dima
                                               

 🌺 MY GIRL 🌺Where stories live. Discover now