Chapter 2

971 215 64
                                    

...දොර අරින සද්දෙට මන් ගැස්සිලා ගියා..මෙන්න ජිනී එනවා..අදට ඒනම් diary එක කියවලා ඉවරයි..මන් ටක්ගලා එයාගේ Diary එක තිබ්බ තැනින්ම තියලා කකුලක් උඩ කකුලක් දාගෙන පුටුවේ හාන්සි වුනා..

" ශේන්...මන් GMM එකට මේකප් ආර්ටිස්ලා ගන්න එකට අද apply කරා...

"මොකක්...ඔයා singto පස්සෙන් යන එක අතාරින්නේ නැද්ද දැන් එතකොට..?

"පිස්සුද ඔයාට...ඊයේ මන් ඔයාට news එකක් පෙන්නුවා දැක්කද singto ගෙ මේකප් ආර්ටිස් අයින් වෙලා කියලා...twiter වල දාලා තිබ්බේ...

"ඔව් ඔව් අනේ...

"අන්න පොයින්ට් එක .එයාගේ මේකප් ආර්ටිස් මන් වෙනවා...එතකොට මට පුලුවන් හැමදාම එයාගේ මූන අල්ල අල්ල ඉන්න..

"ඔයා නිසා මටනම් දැන් නින්ද යන්නෙත් නෑ..කොයි වෙලේ හරි ගෙදරට පොලීසියෙන් කතා කරයි කියලා මන් බය වෙලා ඉන්නේ...

"ඒයී කට වහනවා...ජිනී මගෙ ඇගට පැනලා මගෙ කොට කෙස් වලින් අදින්න ගත්තා...

"ඒයී අයින් වෙනවා මෝඩියේ මන් අත් දෙකින්ම එයාගේ ඉනෙන් අල්ලගත්තා..මන් ඒම ඇල්ලුවාම ජිනීට කිචි කියලා මන් හොදටම දන්න නිසයි ඒම කලේ...මට කොන්ඩෙකට කියලා තියෙන්නෙත් ඔච්චරයි..ඕකත් කන්නද හදන්නේ ඔයා.. මන් කෑ ගැහුවේ ජිනීව බිමටම තල්ලු කරලා දාන ගමන්...

"නපුරා..ජීනී ඔරවගෙන මගේ මූන දිහා බලන් හිටියා..මන් එයාට දිව දික් කරලා වොශ් රූම් එකට ගියේ මගේ අවුල් වුනු කොන්ඩේ හදාගන්න දැන් ගෙදර තියෙන එකම mirror එක washroom එකේ තියෙන නිසයි. ජිනීට තියෙන විසේට ඊයේ මහ රෑ එයාටම මේකප් දාලා විකාරයක් කරගෙන ගෙදර තිබ්බ මන් ඊට කලින් දවසෙ අරන් ආවා කන්නාඩිය එයා කුඩුකලානේ...

ජිනී ඇවිල්ලා අන්න එහෙම කෙනෙක්. පිස්සු කෙල්ලෙක්..ඒ පිස්සුවටයි ඒ දැගලිල්ලටයි ලිමිට් එකක්නම් නෑ..ඒත් මන් ආසම එයාගේ ඒ පිස්සුවටයි , දැගලිල්ලටයි මොකද ඒ තමයි මන් දන්න ජිනී..එයා එයාට හති වැටෙනකන් එයාගේ සින්ග්ටෝ පස්සෙන්ම යයි...ඇත්තමයි මට සින්ග්ටෝ එක්කත් මාර කෙන්තියී එයා නිසා ජිනී මන් ගැන දැන් බලන්නෙවත් නෑ..එතන සින්ග්ටෝ නැතුව වෙන කෙනෙක් හිටියනම්.මෙලහකට ජිනී මගේ...ඒත් එතන සින්ග්ටොමනෙ ඉන්නේ..එයා එක්කද දැන් එතකොට මට තරගේ...ජිනී කවදා තේරුම් ගනීද එයා දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා..මන් මටම කියාගත්තා..

 🌺 MY GIRL 🌺Donde viven las historias. Descúbrelo ahora