මහ රෑ දොර අරින සද්දෙට මන් ඇහැරුනා..ඒ ආවේ ජිනී. මන් කාමරේ බිත්ති ඔරලෝසුව දිහා බැලුවා රෑ 12ත් පහු වෙලා.මන් නැගිටිලා සාලෙට ගියා...
"ගුඩ් නයිට්...ජිනී ඒම කියාගෙන කාමරේට ගියා...
"ගුඩ් නයිට් නෙමෙයි දැන් මෝර්නින්...මන් කිවුවා...
ජිනී කාමරේට ගියා. මන් එයාගේ කාමරේ දිහා විනාඩියක් විතර බලන් හිටියා..කෙල්ලට හොදටම මහන්සී..මන් මොනවා කරන්නද එයානේ ඔය වැඩේට යන්න දැගලුවේ..මන් මටම කියාගෙන කාමරේට යන්න හදද්දිම ජිනීගෙ කෙදිරිල්ලක් මට ඇහුනා..මට තවත් ඒම බලන් ඉන්න ඕනී වුනේ නෑ. මන් ජිනීගේ කාමරේට එබුනේ එයාටත් හොරෙන්.
ජිනී ඇදන් හිටිය බ්ලවුස් එකේ අත පහත් කරන් රතු වුනු උරහිස දිහා බලන් හිටියා.අත ඉදිමිලා වගේ..මට ඒක මහ පිස්සුවක් වගේ දැනුනා..ජිනීගේ කෙට්ටු ඇගට කොහොමද එයා ඒවා දරාගන්නේ. මේ තරම් කාලෙකට එයා මේම වේදනාවක්නම් විදලා නැතුව ඇති. අඩි උස දාගෙන දවසම හිටගෙන ඉදලා කකුලත් කැපිලා. අත් උස්සන් මේකප් දාලා උරහිස රතුවෙලා.අවුරුදු විස්සයි , උස 161cm , ඉන 29 ඒ තරම් කෙට්ටු ශරීරයක් තමයි ජිනීට තිබ්බේ. එයා හිතන් හිටියට එයා උසයි කියලා එයා ඒමවත් නෑ.ජිනීගේ රතුවුනු ඇග දැක්කාම මට දුක හිතුනා....මන් දොරත් ඇරන් කාමරේට ගිය වේගෙට කෙල්ල බය වුනා.
"මොකද ?
"කෝ පෙන්නනවා මට ඔය වහන් ඉන්න බ්ලවුස් එක ගලවලා අත..
"මට බෑ..යනවා යන්න නපුරා..
"පෙන්නනනවා...මන් බ්ලවුස් එකෙන් ඇදලා ඒක පහලට කලා..විනාඩියක් විතර ජිනිගේ ඇස් ගෙඩි දෙක දිහා බලන් ඉදලා නැගිටිලා ගිහින් බාම් කුප්පියක් අරන් ඇවිත් ජිනීව ඇදේ මුනින් අතට දාලා මුලු බාම් එකම ඇගේ ඇතුල්ලුවේ ආපු කේන්තියටත් එක්කයි...
"ආව්...රිදෙනවා...ඒක දැවිල්ලයි
"එහෙනම් මොන මගුලකටද ඔය කෙහෙල්මල් ජොබ් එකට යන්නේ..කකුලත් කැපිලා..ඔහොම ඇගේ පැල්ලම් ආවොත් කොල්ලෙක්වත් බලන එකක් නෑ..
"යනවා යන්න...නපුරා බනින්නේ නැතුව මුකුත් කරන්න බෑ ඔයාට. ඔයා යකෙක් වගේ.ජිනී මාව තල්ලු කලා . මාත් වචනයක්වත් නොකියා කාමරෙන් එලියට ගියා.
BẠN ĐANG ĐỌC
🌺 MY GIRL 🌺
Lãng mạn🌺....මෙන්න වලියක්...🌺 ශේන් - මේ හලෝ මන් tomboy කෙනෙක් නෙමෙයි... ජිනී - මොකද නැත්තේ ඒනම් ඇයි ඔය වගේ ඉන්නේ..?? ශේන් / ජිනී - ඔන්න ඕකයි දැන් තත්වේ...කොහොම වුනත් අපි දෙන්නගේ කතාව ඔයාලා ආදරෙන් වැලදගනී කියලා හිතනවා... ......❤️ මේක මන් ලියන පලවෙනි GL එක...
