Chapter 10

965 194 118
                                        

"ශේන් මන් යනවා බායී...

"ආ..මේ ඔයා යතුරක් අරන් යන්න අද හවසට මන් පොඩ්ඩක් එලියට යනවා යාලුවෙක් හම්බෙන්න..

"ඕකේ බායී...

මන් හම්බෙන්න යන යාලුවා Transgender කියන දේට  advice එකක් ගන්න යන මන් චැනල් කරපු ඩොක්ටර් කෙනෙක් කියලා ජිනී දැනගත්තොත්......

මන් ආපහු ජිනීගේ Diary එක අරන් එදා කියවපු කොටස ආයිම කියෙව්වා....

📔📖️........Jinny's Diary.............📖️📔

....මන් දැන් ශේන් එක්ක මේ ගෙදර ඉන්න ඇවිත් අදට සතියක් වෙනවා..ශේන් මන් හිතුවට වඩා වෙනස්...එයාගේ හොද ගතිගුණත් තියෙනවා

.....ශේන්ට හොදට උයන්නත් පුලුවන්..රහට තේ හදන්නත් පුලුවන්..

.....ඇත්තටම ශේන් කොල්ලෙක් වුනානම්...මන් එයාට කැමති වෙයි..

මන් කොල්ලෙක් වුනානම් එයා මට කැමති වෙයි..මට එදත් ඒක හිතුනා..අදත් ඒකම හිතුනා..දැන් ඇත්තටම මන් එහෙම වෙන්නයි යන්නේ...ජිනී කැමති වෙයි නේද ඒකට..මන් මගෙන්ම ප්‍රශ්න කලා...

**********************

අපොයිමන්ට් එක වෙලාවට මන් ඩොක්ටර් ඩික්සන් හම්බෙන්න ගිහිල්ලා මගේ ප්‍රශ්නේ ගැන කිවුවා..

"මිස් ශේන්...ඇයි ඔයා එහෙම වෙන්න හිතුවෙ කියලා මට කියන්න . මොකද ඒක ඔයා හිතන තරම් ලේසී නෑ...

"මන් කැමති කෙනෙක් ඉන්නවා. Girl කෙනෙක් ඉතින් එයා මාත් එක්ක යාලුවෙන්න ලොකු සැකයෙකින් ඉන්නෙ. මන් කෙල්ලෙක්නේ...තවත් කෙල්ලෙක් එයා straight කෙනෙක් ඉතින් එහෙම කෙනෙක් කැමති වෙයිද මට. මන් කොල්ලෙක් වුනොත් එයා මට කැමති වෙයි..මන් කෙල්ලෙක් එයා කොහොමද ප්‍රසිද්දියෙ මගෙ අතින් අල්ලන් යන්නේ පාරෙදි වුනත් මිනිස්සු අමුතු විදියට බලනවානෙ. නැත්තේ නෑනේ...මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් එයාට ඒක අලුත් දෙයක් වෙයි. මිනිස්සු එයාට කතා කියයි.එයාට uncomfortable එතකොට.ඒ මන් කෙල්ලෙක් නිසයි...මගෙ පෙනුමෙන් නම් එහෙම නෑ කියල නෑ මන් දන්නවා ඒත් මන් ගැන දන්න පිරිසක් ඉන්නවනේ.මන් කෙල්ලෙක් කියන එක එයාලා දන්නවනේ..මන් කොල්ලෙක් වුනොත් එතකොට අර ප්‍රශ්න මුකුත් නෑ..මන් කොල්ලෙක්නේ. කොල්ලෙක් කෙල්ලෙක්ගේ අතින් අල්ලන් ගියාට මිනිස්සු බලන්නේ නැනේ..ඒකයි මන් ඒ තීරණේ ගත්තේ..ජිනී ඒකට කැමති වෙයි..

 🌺 MY GIRL 🌺Onde histórias criam vida. Descubra agora