ජිනී ගේ ඇතුලට ගියා කිසිම කතාවක් නැතුවම.
"ජිනී මොකද වුනේ ??
"මට නිදිමතයි...
ජිනී වෙනස් වෙලානේ..😥මොකක් හරි ලොකු අවුලක් වෙලා කියලා මට තේරුනා..හොටෙල් එකේ ඉදන් ආපු වෙලේ ඉදන් ජිනී අමුතු වෙලා..
"මොකක්ද වුනේ ලමයෝ ?
"මුකුත් නෑ...
"බොරු..ඔයා හැරෙද්දි මට කියන්න පුලුවන්.ඔයා මාව මේ මගාරිනවා වගේනේ බබා..
"බබා..??? ??? ???
අයියූ විලි ලැජ්ජයි කලබලේ වැඩි වෙලා මන් එයාට බබා කියලත් කිවුවා..ජිනී ඒවටනම් කැමති නෑ මොකද එයා සාම්ප්රදායික කෙල්ලෙක් නෙමෙයිනේ..😂 ඒවා එයාට දිරවන්නෙම නෑ..
"නෑ නා කලබලේට කියවුනේ..හරි හරි ඒවා වැඩක් නෑනේ..ඔයා කියන්නකෝ දැන් මොකද වුනේ කියලා විතරක්..මන් ජිනීගෙ අතින් ඇදලා ලගට අරන් ඇහුවා..ජිනීගෙ ඔලුව මගෙ නිකටේ ගෑවෙන තරන් කිට්ටුවෙනුයි අපි හිටියේ..ජිනී කොටයි කියලා මට තේරුනේ හරියටම කිවුවොතේ ඒ වෙලාවේ..😂
"ජිනී මොකද වුනේ ??
"අපි දෙන්නා ගැලපෙන්නේ නෑ නේද..??
"මොකක් ඒ පාර මේ මොකක්ද මේ කියවන්නේ පිස්සුද ඔයාට..😠 අර ගෑණී මොකක්ද කිවුවේ...මට ආපු කේන්තියට මගෙ කටින් පිට වුනු වචන මටම හිතාගන්න බැරිවුනා..
"ශේන්...ජිනී ඇස් ලොකුකරන් බලන් හිටියෙ මන් කතා කරපු හැටි දැකලයි..
"අනේ මේ ශේන් ශේන් නෙමෙයි මොකද වුනේ කියනවද මට...
----------------------------------------------------------------
(හොටෙල් එකේ වුනු ජිනී ශේන් ට කිවුවේ නැති සීන් එක ඔන්න දැන් කියවලා බලන්න )
*Jinny p.o.v
ශේන් මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්..මන් එහෙම කියලා වොශ් රූම් එකට ගියේ මට එතන තවත් ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ ඈම්ගේ කතා අහගෙන ශේන් ට ලැජ්ජ වෙයි කියලා හිතුනු නිසා. මන් නිසා එයා ලැජ්ජ වෙන්න ඕනී නෑනේ..මන් නැගිටලා යද්දිම ඈම් ටත් යන්න ඕනී කියලා මගෙ පස්සෙන් ඈම් ආවා..
VOCÊ ESTÁ LENDO
🌺 MY GIRL 🌺
Romance🌺....මෙන්න වලියක්...🌺 ශේන් - මේ හලෝ මන් tomboy කෙනෙක් නෙමෙයි... ජිනී - මොකද නැත්තේ ඒනම් ඇයි ඔය වගේ ඉන්නේ..?? ශේන් / ජිනී - ඔන්න ඕකයි දැන් තත්වේ...කොහොම වුනත් අපි දෙන්නගේ කතාව ඔයාලා ආදරෙන් වැලදගනී කියලා හිතනවා... ......❤️ මේක මන් ලියන පලවෙනි GL එක...
