*********************************
ඊට පහුවදා අපි ගෙදර ආවා..මට උදේ වැඩ තිබුනෙ නැති නිසා මන් ගෙදර හිටියා.නමුත් ඉතින් ජීනීට මන් වගේ නෙමෙයිනේ එයා උදේම ලැහැස්ති වෙලා වැඩට ගියා...මන් ඉතින් දවල් වෙනකන් හොදට නිදාගත්ත එකයි කලේ..හවස් වෙලා ජිනීගෙ වැඩ ඇරෙන්න කිට්ටු වෙලා එයා මට කෝල් කලා..
📱ශේන් හවසට වහින්න වගේ එන්නේ..මන් කුඩයක් අරන් ආවෙත් නෑ ඔයා එනවද මාව ගන්න..??
📱හා හා මන් එන්නම්...
මන් එහෙම කියලා හවස් වෙලා GMM එකට යන්න බයික් එක ස්ටාට් කරත් ඒක ස්ටාට් වුනේ නෑ..
"නියමයි මේක අරන් තාම සතියක්වත් ගියේ නෑ..මන් මටම කියාගෙන ආපහු ගෙට ගිහින් මාස්ක් එකත් දාගෙන බස් එකේ නැග්ගා..දැන් මාව අදුරන්නේ නැති අය තායිලන්තේ හරිම අඩුයි. අලුත් පරම්පරාවේ ගොඩක් කෙල්ලන්ගේ වීරයා වෙලා තියෙන්නේ මන් . ඉතින් මේ විදියට බස් එකේ ගියොත් මාව එලියට ගන්න වෙන්නේ කෙලින්ම පෙට්ටියෙන් තමයි..😂😂කොහොමත් මන් ටැක්සි වල ගමන් වලට වැඩිය කැමති වුනේත් නෑ..ඊට වඩා බස් එක හොදයි මට. ඒ නිසා මන් බස් එකෙන්ම ගියා.
GMM එක ලගට ගියත් මන් ඇතුලට ගියේ නෑ .වැඩ නැතිව ඇතුලට යන්නේ මොකටද බොරුවට. මන එලියේ බංකුවක් උඩ වාඩී වෙලා හිටියා..
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
වහින්න වගේ අහස කලුත් කරලා..මන් බෑග් එක ඇරලා බැලුවා..නියමයි කුඩේ දාලා ඇවිත්..ජිනීට තෙමෙන්න බැරි නිසා කුඩයක් අරන් එන්න කිවුවා.මන් නම් මරු මන් ඒක අමතක කරලා ඇවිත්...ජිනී මාව මරයි...ඉක්මනට කඩේකට ගිහින් කුඩයක් අරගන්න ඕනී...පොදත් වැටෙනවා.මන් නැගිට්ටේ කඩේකට දුවන්නයි..ඒත් එක්කම ජිනී මන් ලගට දුවගෙන ආවා..
ESTÁS LEYENDO
🌺 MY GIRL 🌺
Romance🌺....මෙන්න වලියක්...🌺 ශේන් - මේ හලෝ මන් tomboy කෙනෙක් නෙමෙයි... ජිනී - මොකද නැත්තේ ඒනම් ඇයි ඔය වගේ ඉන්නේ..?? ශේන් / ජිනී - ඔන්න ඕකයි දැන් තත්වේ...කොහොම වුනත් අපි දෙන්නගේ කතාව ඔයාලා ආදරෙන් වැලදගනී කියලා හිතනවා... ......❤️ මේක මන් ලියන පලවෙනි GL එක...
