Chapter 4

1K 224 77
                                        

උදේ ඇහැරුනාමයි මන් දැනග්ත්තේ මට රෑ නින්ද ගිය විත්තිය.ජිනී තාමත් මගෙ ඇග උඩ..දාඩියට තෙත් වෙලා මගෙ දුහුල් ෂර්ට් එක ඇගටම ඇලිලා.ජිනීගෙ දිග කොන්ඩ ගස් මගෙ ෂර්ට් එක පුරාම විසිරිලා..ජිනී කෙදිරිගාගෙන නැගිට්ටේ බෙල්ලෙ අමාරුව හැදිලද කොහෙද...ජිනී නැගිටිද්දි මන් එහෙම්මම ආපහු ඇස් වහ ගත්තේ නිදි වගේ ඉන්න ඕනී වුනු නිසයි. ජිනී නැගිටලා මගෙ ෂර්ට් එක අල්ලලා බැලුවා..

"අම්මෝ දාඩිය...ෆෑන් එකක්වත් නැතුව නිදාගත්තාම ඔහොම වෙනවා ඉතින්. මෝඩයා මගෙ බෙල්ලත් රිදෙනවා.ඇදේ නිදාගන්න තිබ්බ චාන්ස් එකනේ අයියෝ...ජිනී හිමින් මුමුනන්න ගත්තා. ඊලගට ජිනීගේ අත ගියේ මගෙ බෙල්ලට..බෙල්ල දිගේ වැගිරෙන දාඩිය බිංදු පිහදාන්න තමයි මෙයා ලෑස්ති වෙන්නේ කියලා මට තේරුනා..ජිනීගෙ අත් මගේ ඇගේ ගෑවෙද්දි මන් ඇස් ඇරලා බැලුවා.

"ආ..නැගිට්ටද මේ බලන්න දාඩිය..ජිනී කියවන්න ගත්තා.මන් ක්ෂණිකව නැගිටලා කාමරේට ගියා.

"මොකද නපුරෝ වෙලා තියෙන්නේ ඊයේ ඉදන්ම මාත් එක්ක කතා කරේ නෑ..මොනවා වෙලාද මන්දා ඔයාට..ජිනී මගේ කාමරේ දොරට ගගහා කෑමොර දුන්නා.

"හ්ම්..දන්නේ නෑ වගේ කතා කරන හැටි.මන් මටම කියාගත්තා..අර විකාර පොතේ ලියලා තිබුනේ මට කැමති නෑ කියලා ඉතින් දැන් මන් කතා නොකර ඉන්න එකට මොකටද ඔච්චර වද වෙන්නේ.

"ඔයා එහෙමනේ..ඒනම් මන් යනවා වැඩට බායී..ජිනී ඒම කියලා පැය බාගයක් යද්දි ලෑස්ති වෙලා ගෙදරින් එලියට ගියා.ඊට පස්සේ මන් එලියට ඇවිත් ලෑස්ති වෙලා හොටෙල් එකට ගියා.

*****************

"නියමයි...සනීපයි..මන් හොටෙල් එකෙන් එලියට එද්දිම අහස කලු කරලා වහින්න ගත්තා.ජීවිතේට ඉතින් මන් කුඩයක් අරන් යන එකක් යෑ..දැන් ඉතින් තෙමීගෙන යන්නයි වෙන්නේ.ජිනී එන්න කලින් ගෙදර යන්නයි ම්ට ඕනී වුනේ. මොකද ජිනී එක්ක කතා කරන්න බැරි නිසා.ඊයේ ඉදන්ම මන් ඉතින් එයාව මග ඇරියනෙ.මන් 4n එක විතරක් අතට අරන් ෂර්ට් එකේ උඩ සාක්කුවට දාගෙන පිම්මේ දිව්වේ බස් හෝල්ට් එක ගාවට.ආපු පලවෙනි බස් එකේම නැග්ගා.තෙමුනු කොට කෙස් මූනටම වැටිලා මගේ ඇස් දෙක පේන්නෙත් නැති තරම්.

 🌺 MY GIRL 🌺Where stories live. Discover now