Chapter 1

1.9K 226 247
                                    

.....විශ්වාස කරන්න පුලුවන්ද travel කරන්න වීසා ගහන් ඇවිත් හැමෝටම නොකියා ජිනී කියන කෙල්ල දැන් මෙහෙ නතර වෙලා මාස දෙකකුත් ඉවර වෙන්න ලගයි. මට මෙහෙදි තමයි ජිනීව හම්බුනේ...එයා ලංකාවේ කෙනෙක් මට වඩා අවුරුදු 3ක් බාල කෙනෙක් වුනත් එයා මා එක්ක ගොඩක් ෆිට්.මන් වැඩ කරන්නේ හොටෙල් එකක.ඔන්න මටම පින් සිද්ද වෙන්න මන්  එයාව මගේ ගෙදර නවත්ත ගත්තා. නැත්නම් අතේ සතේ නැතුව එයා කොහේ යන්නද..😂ජීනී මෙහෙට ආවේ තායි actor කෙනෙක්ගේ පස්සෙන්..ජිනීගෙ කතාව මන් දැන් කියන්නම්කෝ...ඇත්තටම එයා මට කිවුව කතාව නෙමෙයි එයාගෙ Diary එකේ එයා ලියලා තිබ්බ කතාව...

📖️📔...Jinny 's Diary...📔📖️

....2018 දි මන් එයාව මුලින්ම දැක්කේ තායි TV series එකකින්. එදා ඉදන් මන් එයා ගැන හෙවුවා..මේ ලෝකේ BL කියලා දෙයක් තියෙනවා කියලා මන් දැනගත්තේ එයා නිසා.එයා biesexual කියලත් මන් දන්නවා ඒත් මට එයා ගැන කැමැත්තක් ඇති වුනා.මන් එයා නිසාම තායි ඉගෙන ගත්තා.කොහොමහරි එයා ලගට යනවා කියලා හිතාගත්තා..ඔව් මට හොදටම පිස්සු ඒ නිසාම මන් දැන් ඉන්නේ තායිලන්තේ..

🌺නැවතත් වර්තමාන කතාවට...

එයා තමයි ජිනී..ජිනෙත්මා තමයි එයාගෙ නම.ඒත් එයත් අර actor ට ගැලපෙන විදියටම එයාගේ නමත් වෙනස් කරගත්තා.ඔන්න දැන් එයාගේ නම ජිනී..🙈😂එයාට දැන් අවුරුදු 20යි. ඔව් එයා තාම පොඩී ඒත් එයාට අර කොල්ලව  ඕනීනේ..මොනවා කරන්නද ඉතින් !!

📔📖️......Jinny's Dairy.......📔📖️

......."ඔන්න හෙට එන්න ඔයා ඒනම්..මන් ඔයාට spare key එකක් දෙන්නම්...නැත්නම් ඔයාගේ ඔය ලෙඩේ හොද වෙන්නේ නෑ.....ශේන් මට කිවුවා...(🌺 මෙන්න මෙයාගේ Diary එකේ මන් ගැන ලියවුනු පලවෙනි වතාව...🌺)

🌺නැවතත් වර්තමාන කතාවට...

මගේ නම ශේන් . ඒම කිවුවාම ඔයාලා බලයි ඒ මොන විකාර නමක්ද කියලා.ශේන් කියන්නේ කොල්ලෙක්ගෙ නමක්නේ..ඒත් මගේ නම ශේන් ...මන් කලින් තිබ්බ නමට කැමති නෑ ඒ නිසාම මාත් මගෙ නම දැන් වෙනස් කරගෙනයි තියෙන්නේ.ඇත්තටම මන් මගේ කලින් නම කියන්නේ නෑ..අනේ ඉතින් ඔයාලට මොකටද ඕවා නේද 😁ආදරේට මට කියන්නේ ශේන් කියලා තමයි ඉතින්..ඇත්තටම ජිනී මන් කෙල්ලෙක් කියලා දන්න නිසාම හොදයි නැත්නම් මාව දැක්ක ගමන් හැමෝම හිතන්නේ මන් කොල්ලෙක් කියලා..කවදාවත් මන් ගවුමක් තියා බ්ලවුස් එකක්වත් අදිනවා මන් දැකලාත් නෑ..😂 මන් ඩෙනිමෙන් පිටනම්  යන්නෙම නෑ..ජිනී මෙහෙට ආවේ singto වෙනුවෙන්..ඔව් ඔයාලා හරි 2018 ඉදන් එයා පෙම් කරන එයාගෙ කොල්ලා singto වෙනුවෙනුයි එයා මෙහෙට ආවේ..😂😂

 🌺 MY GIRL 🌺Where stories live. Discover now