"අද දින සිට අපගේ පරීක්ෂණ ආරම්භවනවා..මම සිටින්නේ නොඉවසිල්ලෙන්.."
සොආ පැවසුවේ තම අනික් පසින් ඈනුම් යවමින් පැමිනෙණ මිසෝ කුමරියටය.
"ඔබට නම් කුමක්ද මෙම පරීක්ෂණ ..ඔබ සියල්ලටම සමත් නේ.ඔබ පහසුවෙන් සියල්ල ජයගනිවි. මට මගේ උපරිම උත්සාහය දරන්න වනවා."
සෝආ මුහුන අඳුරු කරගත්තාය.
"හොඳින් සිදුකරන්න."
මිසෝ සෝආ ගේ අතින් ඇදගෙන ඉදිරියට ගියාය.
⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️
පරීක්ෂණ සිදුකරන මණ්ඩපය.
"පැමිණ සිටින සියලු කුමරියන් තමන්ට හිමි ස්ථානයෙන් අසුන්ගන්න."
ඇදුරුතුමාගේ වදන් වලින් සියලු දෙනා තමන්ට හිමි ස්ථාන සොයාගත්හ.
ඉදිරිපස මධ්‍යයේ ඇදුරුතුමන් හා ජියොන්ග් කුමරුද ඉදිරිපස එක් පසෙක කිම් කුමරුන්,ජෙයොන් හා ජන්ග් අසුන්ගෙන සිටියහ. කිම් කුමරු සුපුරුදු ලෙස දෑත් පපුව ඉදිරියෙන් බැඳ දෑස් වසාගෙන සිටියේය.
ඔහු දෙස අප්‍රසන්න බැල්මක් හෙලු ජියොන්ග් කුමරු පරීක්ෂණය ආරම්භ කරන ලෙස ඇදුරුතුමන්ට දැන්වීය"සියලු දෙනාම සවන් දෙන්න..පලමු පරීක්ෂණය සාහිත්‍ය පරීක්ෂණයයි..එහිදි ඔබ සියලු දෙනාහටම පොදු තේමාවක් ලැබේ..ඔබ එයට සුදුසු අර්ථකථනයක් දිය යුතුය."
ඉදිරිපස සිටගෙන සිටින ඇදුරුතුමන්ගේ දේශනයට මිසෝ කුමරිය හැර අන් සියලු දෙනා එකසේ සවන් දුනි. කුමක්දෝ වෙනත් ලොවක සිටි මිසෝ කුමරිය තම ඉදිරිපස ඇති තින්ත බඳුන පින්සලෙන් අවුස්සන්නට විය.
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...