Chapter 06
Kimi's pov
Maple කොල වලින් සරසපු පාර දිගේ අපි දෙන්නා ඇවිදගෙන ගියා.. මොන කරදර කොහොම ආවත් එයාගේ අතින් අල්ලගෙන කොහේහරි යන්න මට ඕන වුනා. කලින් අපේ ආදරය අවුරුදු දෙකකට විතර සීමා වුන නිසා මට මේ පාර ඒ ආදරේ ගෙවන හැම විනාඩියක් පාසාම විඳින්න ඕනේ වුනා.
"V..."
"ඇයි kimi...."
"මම මේක ඇහුවට කමක් නැද්ද?"
"අහන්න ඕනෙම දෙයක්"
"එදා ඔයයි song hee මොකද කරේ..?"
"ආහ් ඒකද...ඔයාට song hee ව මතක නැද්ද..?"
"හ්ම්..නෑනේ.."
Song hee කියන්නේ ගෝර්යෝ කාලේ ඔයාගෙ හොඳම යාලුවා සෝආ.
"මොකක්...?"
"ඔව්. එයාට ඔයාට කලින් හීනේ සම්පූර්නයෙන්ම පෙනුනා මේ ලඟදි.එයාට කලින් ඉඳන් පෙනුනේ නැහැ.මේ ලඟදි දවසක තමයි එයාට හීනේ පෙනුනේ. එයා ඒක ඔයාට කියන්න ගියේ.ඒත් මම බය වුනා ඔයාට ඒක දරගන්න බැරි වේවි කියලා.මම එයාට කිව්වා ඒක නිකන්ම නිකන් හීනයක් විතරයි කියලා.එයා ඒක විශ්වාස කරා.මොකද එයා දන්නේ නෑ ඒක අපේ අතීතය කියලා. මම එදා එයාට කිව්වේ ඒක"
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...