Chapter 04
Vacation එකෙන් පස්සේ ආයේ අපේ college එක පටන් ගත්තා.පුරුදු වෙලාවට ටිකක් කලින් මම ස්කෝලේ ඇතුලට ආවා. කෙලින්ම class එකට යන්නේ නැතුව මම library එක තියෙන floor එකට යන්න පඩිපෙල නගින්න පටන් ගත්තා.ඒත් භාගයක් නගිද්දි මම දැක්ක දෙයින් ....... ඒ දැක්ක දෙයින් මම මෙච්චර කල් හදාගෙන ඉඳපු ලෝකේ බිමට සමතලා වුනා....
ඉබේම මටත් හ් හොරෙන් කඳුලු උනලා බොඳවෙලා ගියපු ඇස් වලින් මම v යි song hee දිහා බලාගෙන හිටියා. V එයාගේ අත් දෙක මැදට කරලා song hee ව බිත්තියට තද කරගෙන හිටියේ...ඒ දෙන්නගේ මූනු අතර තිබ්බේ හරිම පොඩි පරතරයක්.v ,song hee ගේ ඇස් වලට එබිලා හිටියා. තවත් මට ඒක දිහා බලාගෙන ඉන්න බැරි උනා...මගේ අත කටින් වහගෙන මම එතනින් එහාට දිව්වා....
මම නැවතුනේ washroom එකෙන්....මම ඇති තරම් ඇඬුවා..හොඳටම ඇඬුවා මම ආදරේ කරේ v ට විතරයි ..මම ඒක එයාට නිතරම පෙන්නුවා..ඒත් ..ඒත් එයා ආදරේ කරලා තියෙන්නේ මගේ හොඳම යාලුවට..එයාට මට කියන්න තිබ්බා අඩුම ගානේ..ඒනම් මම මෙච්චර විඳවන්නේ නෑනේ.song hee මගේ පුන්චි කාලේ ඉඳන් යාලුවා එයාවත් මට කිව්වේ නෑ...දෙන්නම මට බොරු කරාමම ඇඬුවා අඬන්න කඳුලු නැතිවෙනකන් මම ඇඬුවා..අන්තිමේදි මම හිත හදාගත්තා.
එයා ආදරේ කරලා තියෙන්නේ මට නෙමෙයි.එයාගේ ආදරේ මම වෙනුවෙන් නැහැ.එයා ආදරේ කරන්නේ මට නෙමෙයි.මම මගේ හිත රවට්ටගත්තා.
Tap එක ඇරලා ඇඳුමත් තෙමිලා යන විදිහට මම කොන්ඩෙයි මූනයි ඔක්කොම හෝදගත්තා..washroom එකෙන් එලියට ආපු මාව පෙනුනේ පිස්සියක් වගේ...ඇස් රතුවෙලා..බාගෙට බාගයක් තෙමිලා...
මගේ දිහා බල බල ළමයි මුමුනනවා....එයාලගේ ඇඟට කෑගහගෙන පනින්න මට පණ නැහැ...කකුල් දෙක අද්ද අද්ද ක්ලාස් එකට ගිය මට දකින්න ලැබුනේ අනිත් අයත් එක්ක හරි සතුටින් හිනාවෙලා ඉන්න v යි song hee යි...එලියට පනින්න ආපු කඳුලු අමාරුවෙන් තද කරගත්තේ මම මගේ යටි තොල හපාගෙන...කොච්චර තදින් හපාගෙන හිටියද කිව්වොත් මම කටට ලේ රහ එනකන්ම එහෙම්මම හිටියා.
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fiksi Penggemar[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...