(සන්වේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න..ඔයාලට නම් කොහොම වේවිද දන්නේ නෑ මම නම් අඬ අඬ ලිව්වේ)
From the flames of hatred Patterns created
Met together and parted together Their dating...
Someday Until we meet ....
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂"බේක්ජේ අපට විරුද්ධව යුධ ප්‍රකාශ කරලා...."
ගිහිරුම් හඬින් කෑගැසූ ගෝර්යෝවෙහි රජු එක්වරම තම පපුව අතකින් තදකරගනිමින් ඉදිරියට නැවුනි.
"රජුනි රජුනි......."
වටපිටාවේ ශබ්ද ඇසි නොඇසී යනවිට ඔහු තම දෑස් පියාගත්තේය.
"රජු වහාම කුටියට ගෙන යන්න..."
මහ ඇමතිගේ අණින් ක්‍රියාත්මක වූ සෙබලුන් වහාම රජුව කුටියට ගෙන යෑමට සැරසුනි. බොහෝ සෙයින් කල වී සිටි බැවින් සභාවෙහි සිටි කිසිවකුටත් ජියොන්ග් කුමරුගේ මුවෙහි රැඳී සිනහව දැකිමට නොලැබුනි.
"කුමක් ද කුමරුනි අප දැන් සිදු කරන්නේ..."
මහ ඇමති ප්‍රශ්නාර්ථයක් පිරි මුහුනකින් සිටියේය.
"පියාණන් දැන් අසනීපයෙන්...මා ඔහු අසල සිට ඔහුවත් ආරක්ෂා කොට ගෙන මෙම රාජ්‍යත් ආරක්ෂා කළ යුතුය. එනිසා යුධ වැදීමට මා කිම් කුමරුන්ව පිටත් කර හරිනවා...ඔහු දක්ෂතාවලින් පරිපූර්ණ පුද්ගලයෙක් නිසා ඔහුට මෙය පහසුවෙන් ජයගත හැකි. ඔහුට උපකාර අවශ්‍ය වුවහොත් මා යුධ බිමට යනවා."
"එසේ සිදු කරමු කුමරුනි"
ජියොන්ග් කුමරුන්ගේ මුව සිනහවකින් පිරෙන විට සභා වැසියෝ කම්පාවූ සිත්වලින් සිටියහ.
.
.
.
.
.
"කුමරුනි...ප්‍රවේසමින්""මිසෝ ඔබ මෙලෙස පවසන්නේ සියවෙනි වතාවට මා මින් පෙර යුධ වැදීමට ගොස් නැතිද...."
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...